ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister)

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister) - Your Choice Way

ඉන්දියාවේ පළමු අගමැති වන ජවහර්ලාල් නේරු සහ ඉන්දියාවේ අවසාන බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිතයා වන මාවුන්ට්බැටන් සාමිවරයාගේ බිරිද වන එඩ්විනා මවුන්ට්බැටන් අතර මිත්‍ර කමකට එහා ගිය සම්බන්ධයක් පැවති බව බොහෝ දෙනෙක් නොදන්නා රහසකි. නේරු උග්‍ර අධිරාජ්‍යය විරෝධී පුද්ගලයකු වුවත් මේ ආදර කතාව තුළින් පැහැදිලි වන්නේ ආදරයට ජාති, ආගම් හෝ කුල බේද අදාල නොවන බවයි.

එඩ්විනා මවුන්ට්බැටන් 1947 මාර්තු මාසයේ ගිම්හානයේදී ඇගේ ස්වාමිපුරුෂයා වූ ඉන්දියාවේ අවසන් බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිතයා වන මාවුන්ට්බැටන් සාමිවරයා සමඟ ඉන්දියාවට පැමිණෙන ලදී. ඒ වන විට 40 හැවිරිදි වියේ පසුවූ එඩ්විණා මවුන්ට්බැටන් බ්‍රිතාන්‍යයේ බලවත්ම හා ධනවත්ම කාන්තාවකි. කාලයාගේ ඇවෑමෙන් එඩ්විනා සහ මවුන්ට්බැටන් සාමිවරයා කොන්ග්‍රස් නායක ජවහර්ලාල් නේරු සමඟ සමීප වූ අතර කාලයත් සමඟ නේරු සහ එඩ්විනා අතර මිත්‍රත්වය ඉතා වර්ධනය විය.

මේ කාලයේ නේරුගේ බිරිද මියගොස් සිටි අතර එම නිසා ඔහු හුදකලාව කල් ගත කළ බව සදහන් වේ. කෙසේ වෙතත් මවුන්ට්බැටන් සාමිවරයා ද මෙම සම්බන්ධය දැන සිටි අතර එහෙත් ඔහු ද එයට විරුද්ධ නොවූ බව කියැවේ.

සාද, සම්මන්ත්‍රණ වලදී මේ දෙදෙනා බොහෝ ලෙස මුණගැසුණු අතර ඊට අමතරව ඔවුන් පැය ගණන් ඇවිදිමින් කතා කළ බවද සදහන් වේ. ඔවුන් කෙතරම් කාර්යබහුල වුවත් කෙසේ හෝ හමුවීමට කාලයක් යොදා ගත් බව සදහන් වේ. එමෙන්ම සති අන්ත වල දෙදෙනා නිවාඩු ගත කිරීම පිණිස දුර පළාත් වලට යාමද සිදු කරන ලදී.

නමුත් ඉන්දියාවට නිදහස ලැබුණු පසු ඔවුන් නැවත එංගලන්තයට යන ලදී. එහෙත් ඔවුන් දෙදෙනා නිරන්තරයෙන්ම ලිපි හුවමාරු කරගත් බවත් කියැවේ. බොහෝ විට ඇය නිවාඩු ගත කිරීම සදහා ඊට පසු වසරකට හෝ දෙකකට වරක් ඉන්දියාවට පැමිණි අතර ඒ සෑම අවස්ථාවකම නේරු මුන ගැසෙන ලදී. ඊට අමතරව ඔහු ඇයට කුඩා ත්‍යාග ද නිතර යැවූ බව කියැවේ.

නමුත් මොවුන් ගැන විවිධ කට කතා සහ විරුද්ධ පක්ෂයේ අවලාද දිනෙන් දින වැඩි විය. එම නිසා ඔවුන් එකිනෙකා හමුවීමට ලෝකයේ විවිධ නගරවලට ගිය අතර ඔවුන්ගේ බැඳීම දෙදෙනාම වයස්ගත වන විට තව තවත් ශක්තිමත් විය. 1960 ජනවාරි වලදී ඔවුන් ඉන්දියාවේ එකට කාලය ගත කළ අවසන් අවස්ථාව සනිටුවහන් විය.

1960 පෙබරවාරි මාසයේදී ඇය තම ස්වාමියා සහ දියණිය සමග බෝර්නියෝ දූපතේ සංචාරයකට සහභාගී විය. එහිදී ඉතා දැඩි ලෙස ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු අතර 1960 පෙබරවාරි 21 වන දින උදෑසන ඇයගේ නිසල දේහය ඇයගේ කාමරයේ තිබී මවුන්ට්බැටන් සාමිවරයාට සහ ඇගේ දියණියට හමු විය.

මිය යන විට අවසානයේ ඇය සතුව කිසිදු වටිනා සුන්දර දේපළක් නොතිබුනු අතර ඇඳ අසල මේසය මත පැරණි ලිපි ගොඩක් පමණක් තිබුනි. තවත් සමහරක් ලිපි ඇයගේ ඇද මත ඇය වටා තිබුණු අතර තවත් ලිපි විශාල ප්‍රමාණයක් ඒ අසල වූ පෙට්ටියක විය. ඇය මිය යන විට ඇය ඒවා කියවමින් සිටින්නට ඇත. ඒ ලිපි සියල්ලම ජවහර්ලාල් නේරු විසින් ඇයට ලියන ලද ඒවා විය.
ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister) - Your Choice Way
නේරු සහ එඩ්විනා

ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister) - Your Choice Way
මවුන්ට්බැටන් යුවළ සමග අගමැති නේරු
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister) ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු සමග පෙමින් බැඳුණු ඉංග්‍රීසි කාන්තාවගේ කතාව (The Story Of An English Woman ho Falls In Love With Jawaharlal Nehru, India's First Prime Minister) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 01, 2022 Rating: 5

0 comments:

Post a Comment