Sepali Song Lyrics - සේපාලී ගීතයේ පද පෙළ

Sepali Song Lyrics - සේපාලී ගීතයේ පද පෙළ
Song Title : Sepali (සේපාලී)
Artist : Sadara Bandara
Lyrics : Dr. Nandasiri Keembiyahetti
Album : Neglected 
Cast : Niranjani Shanmugaraja / Sadara Bandara

Audio Production Team 
Melody : Sadara Bandara
Music : Yasas Madagedara / Sadara Bandara
Producer, Mix and Master : Yasas Madagedara
Recorded At : Midhouse Studios / Busy bee Studios 
Classical Guitar : Shehan Hewalage
Acoustic Guitars : Prakash Ranasinghe / Dihan Kularatne 
Electric Guitar : Dihan Kularatne 

Video Production Team 
Director : Lakshan Walpita
Director of Photography : Viranga Pathirage
Editor and Colorist : Lakshan Walpita
Production Designer : Thanuja Gamage
Production Coordinator : Dilan Karunarathne


ඇස් දෙක මුහුණ ඉඟටිය හප කළ මාලූ
ලස්සන මළකඳක් ගඟ ළඟ තිබුණාලූ
උස්සලා බැලුවමුත් ඇඳි රෙදි කඩමාලූ
විස්තර කිසිත් හඳුනන කිසිවෙක් නෑලූ

තන්‍තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය
පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය
දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය
නන්නාඳුනන ලෙස දැම්මා සුදු කොඩිය

සේපාලී
සේපාලී
සේපාලී
සේපාලී

සේපාලී
සේපාලී
සේපාලී
සේපාලී

දුංකොළ කපා වේලා දහවල අව්වේ
පන්දම අරන් රෑ පන්සලටත් දිව්වේ
මන්ත්‍රිතුමා ඉඳහිට පණිවිඩ එව්වේ
පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිව්වේ

හංගාගෙන වගේ පියයුරුවල සිරිය
තිබුණා උපන් ලපයක් හරියට හරිය
දෑඟිලිවලට හුරු සේපාලිගෙ බුරිය
කීවෙමි මමත් මට අඳුනන්නට බැරිය

සේපාලී
සේපාලී
සේපාලී
සේපාලී

සේපාලී
සේපාලී
සේපාලී
සේපාලී

සේපාලී
සේපාලී
සේපාලී
සේපාලී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sepali Song Lyrics - සේපාලී ගීතයේ පද පෙළ Sepali Song Lyrics - සේපාලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2022 Rating: 5

0 comments:

Post a Comment