Senpathiyan Gana Song Lyrics - සෙන්පතියන් ගැන ගීතයේ පද පෙළ

Senpathiyan Gana Song Lyrics - සෙන්පතියන් ගැන ගීතයේ පද පෙළ
Song Title : Senpathiyan Gana (සෙන්පතියන් ගැන)
ගායනය : අමරා රණතුංග සමග පුලතිසි රණතුංග
පද : හියුබත් දිසානායක
තනු : මහාචාර්ය අමරා රණතුංග


සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට
ඒ ගැන එතරම් ආසා

මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවිවරුනට
තෝතැනි වූ ලක් දෙරණේ
හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
ඒ ගැන එතරම් ආසා

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා

එඩිතරකම් ගැන බියනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි
පෙර සිට සුපතල හෙලයේ
ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
ඒ නොවැ පුදුමය පුතුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senpathiyan Gana Song Lyrics - සෙන්පතියන් ගැන ගීතයේ පද පෙළ Senpathiyan Gana Song Lyrics - සෙන්පතියන් ගැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2022 Rating: 5

0 comments:

Post a Comment