Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ

Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ
Song Title : Sapumal Suwadak Se (සපුමල් සුවඳක් සේ)
ගායනය : අමරා රණතුංග
පද : දාය ද අල්විස්
තනුව : දයාරත්න රණතුංග


සපුමල් සුවඳක් සේ
සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවෙකු නෑ දුටුවේ
සපුමල් සුවඳක් සේ

හැන්දෑ වලාකුළේ
අටවක සඳමඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ
සපුමල් සුවඳක් සේ

ලොව නිදි අඳුරු පැයේ
සීපදයක් වැන්නේ
සවනත සනසා මා ළඟ උන්නා
රැය පමණයි දුටුවේ

සපුමල් සුවඳක් සේ
යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී උන්නා
ඇයි මුළු ලොව දුටුවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ Sapumal Suwadak Se Song Lyrics - සපුමල් සුවඳක් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 13, 2022 Rating: 5

0 comments:

Post a Comment