Ran Dahadiya Bindu Bindu Song Lyrics - රන් දහදිය බිංදු බිංදු ගීතයේ පද පෙළ

Ran Dahadiya Bindu Bindu Song Lyrics - රන් දහදිය බිංදු බිංදු ගීතයේ පද පෙළ
Song Title : Ran Dahadiya Bindu Bindu (රන් දහදිය බිංදු බිංදු)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : ඩෝල්ටන් අල්විස්
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු //
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු //

දෑතේ රන් වළලු දඟේ
ගෙල බැඳි රන් මාල අගේ
රන් ගොයමේ නෙළන නඟේ
සිරියාවයි රටට මගේ  //

නෙළුම් කෙතේ ළන්දු ළන්දු
සොඳුරු කිඳුරු ළන්දු ළන්දු //
දෙවි පිහිටෙන්
ගයමු රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු //

බුලතේ රත දුටිමි තොලේ
මට නොවෙදෝ මුකුළු ක‍ළේ
රන් ගොයමේ නෙළන ක‍ලේ
මන බැදුනා පබළු වැලේ //

රන් දහදිය බිංදු බිංදු
ඉසුරු සුවඳ රැන්දු රැන්දු //
ගතිනි හලා
ගයමු රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු
රන් ගොයමේ සිංදු සිංදු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Dahadiya Bindu Bindu Song Lyrics - රන් දහදිය බිංදු බිංදු ගීතයේ පද පෙළ Ran Dahadiya Bindu Bindu Song Lyrics - රන් දහදිය බිංදු බිංදු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2022 Rating: 5

0 comments:

Post a Comment