Pahan Pala Laga Song Lyrics - පහන් පැල ළඟ ගීතයේ පද පෙළ

Pahan Pala Laga Song Lyrics - පහන් පැල ළඟ ගීතයේ පද පෙළ
Song Title : Pahan Pala Laga (පහන් පැල ළඟ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : දයා ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
(මෙම ගීයෙහි තනුව සෝමපාල රත්නායකයන්ගේ බවට තැනෙක සඳහන්ව ඇත. එය සාවද්‍යය.)


පහන් පැල ළඟ එලා කිරි හිනා හදවතේ
වැඩට ගිය පියාණන් ගෙදර එනතුරු එදා
වැලි වලින් පිසූ බත් හීල් වෙන්නට නොදී
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්

සඳකඩක් මෙන් එලා නව යොවුන් සෙනේහේ
සසල දෙනෙතින් ඔබේ මුහුණ දකිනා තුරා
දොරකඩට වී සිනා පොකුරක් ව පිබිදිලා
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්

පැය ගණන් දහවලේ දවස හා පොර බදා
සැනසුමක් ලබන්නට හිරු නිවා සතපවා
හිමි මගේ නිවහනට අදත් වඩිනා තුරා
ඉඳිමි මම මඟ බලා
ආදරෙන් ආදරෙන්

වසර ගණනක් ගෙවා ජීවිතේ කෙළවරේ
නිවී යන දුබල නෙතු වෙව්ලමින් මව් පෙමින්
තුරුණු විය පත් අපේ පුතණු ගෙට එනතුරා
මතුත් මඟ බලා ඉමි
ආදරෙන් ආදරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pahan Pala Laga Song Lyrics - පහන් පැල ළඟ ගීතයේ පද පෙළ Pahan Pala Laga Song Lyrics - පහන් පැල ළඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment