Neela Kobeyi Song Lyrics - නීල කොබෙයි ගීතයේ පද පෙළ

Neela Kobeyi Song Lyrics - නීල කොබෙයි ගීතයේ පද පෙළ
Song Title : Neela Kobeyi (නීල කොබෙයි)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ //
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා //

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ //
ඒ තාලෙට වරල් සළාලා //
නව අවුරුදු නැටුම් නටනවා //

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ //
ගසුයි වැලුයි මලින් පිරෙණවා //
ගම්මානෙට අවුරුදු එනවා //

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා //
බාල ලියන් ටිකිරි හිනා වේ //
රිදී එළිය ගමට ගෙනාවේ //

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ //
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Kobeyi Song Lyrics - නීල කොබෙයි ගීතයේ පද පෙළ Neela Kobeyi Song Lyrics - නීල කොබෙයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 17, 2022 Rating: 5

0 comments:

Post a Comment