අපි හදමු රසම රස මුකුළු (Mukulu)

අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පාන් පිටි 250 g
  • සීනි 250 g
  • තල 100 g
  • පොල් ගෙඩියක පොල් 
  • එනසල් ඇට 5 ක් 
  • කහ තේ හැඳි 1/2 
  • පොල් තෙල් බෝතල් 1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම පාන් පිටි ටික හොඳින් හලා ගන්න. පසුව ඒකට කහ සහ සීනි සහ ගා ගත් පොල් එකතු කර ගන්න.එනසල් ටිකත් කුඩු කරල දාන්න.ඒකටම තල ටිකත් එකතු කරන්න.(මතක තියා ගන්න තල දාන්න කලින් නෑඹිලියක දාල හොඳින් ගරල ගන්න.මොකද වැලි තියෙන්න පුළුවන්)
  2. ♦️ දැන් හොඳට මේ ටික අතින් කවලම් කරන්න.මතක තියා ගන්න.වතුර දාල අනන්න නම් එපා.එහෙම උනොත් සේරම ඉවරයි. මොකද ටිකක් අනද්දි පොල් වල වතුර ගතිය එක්ක සීනි දියවෙලා මිශ්‍රණය නිකන්ම දියාරු වෙනවා.අන්න ඒකෙන් ඕන අනා ගන්න.මේක රොටි හදා ගන්න මෝලිය හදන ගානට අනා ගන්න.ඔන්න මම ආයෙම කියනවා.පොඩ්ඩක් වෙලා ගියාට කමක් නෑ.වතුර දාල නම් අනන්න එපා.
  3. ♦️ අනද්දි අතේ අලෙනව වගේ වේවි එතකොට පොල් තෙල් මේස හැන්දක් දාගෙන අනා ගන්න.
  4. ♦️ දැන් ඒ ආනාපු එකෙන් පොඩි ප්‍රමාණයට කොටස් කඩල අරන් අතේ පොඩියට දිගටි වෙන්න හදාගෙන දෙපැත්ත පොඩියට එන්න හදා ගන්න. (මම ෆොටෝස් දාල ඇති බලන්න)
  5. ♦️ දැන් තෙල් තාච්චියක් ලිපේ තියල හොදට තෙල් රත් වෙන්න දෙන්න.හොඳට තෙල් රත් උනාම ගින්දර මධ්‍යම ප්‍රාමාණයට ගන්න.දැන් මේ හදා ගත් ඒව පරිස්සමට තෙලට දාල රන් වන් පාට වෙනකන් බැද ගන්න.
  6. ♦️ ගින්දර වැඩි කර ගෙන කළු පාට වෙන්න වෙන්න එපා.එතකොට කැතයි නේ.රන් වන් පාටට තියන කොට තමයි ලස්සන.එතකොට කන්නත් ආසයි.
  7. ♦️ සාමාන්‍යයෙන් විනාඩි 5 ක් වගේ යද්දි හොඳට බැදෙනවා.ගැඹුරු තෙලේ බදින්න.

♦️ බලන්න කොයිතරම් ලේසිද කියල හදන්න. කඩෙන් ගන්න ඕන නෑනේද හැමදාම තේ බොන වෙලාවට කන්න දේවල්. මෙහෙම අලුත්  දෙයක් හැදුවම පවුලේ ආදරයත් වැඩි වෙනවා.

♦️ ඔයාලත් මේ රසම රස මුකුළු හදල හොඳට ඉඟුරු දාපු තේ එකකුත් හදල පවුලේ අයත් එක්ක රස විඳින්නකෝ.. 

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way

අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way

අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way

අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way

අපි හදමු රසම රස මුකුළු (Mukulu) - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අපි හදමු රසම රස මුකුළු (Mukulu) අපි හදමු රසම රස මුකුළු (Mukulu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment