කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල් පිටි කිලෝ 2
  • සීනි ග්‍රෑම් 850 කුඩු කර ගත් 
  • ලොකු ටින් කිරි 1
  • කරදමුංගු 5-6
  • කජු ග්‍රෑම් 150

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම පිටි ටික සුවඳ  එනකල් බැද ගන්න.(හැබැයි රන්වන් පාටට හැරෙන්න බැඳ ගන්න නම් එපා)
  2. ♦️ දැන් සේරටම කලින් තුනී කර ගන්න ලෑල්ල අරන් ඒකට පිටි ඉහල හදා ගන්න.ඒ එක්කම තුනී කර ගන්න එක (රෝලින් පින් එක හෝ කෙසෙල් කොළයක්) හා කැපීමට පිහියක් ආදිය සකස් කරගෙන තබා ගන්න අනිවාර්යයෙන්ම.
  3. ♦️ දැන් සීනි බ්ලෙන්ඩර් කරලා ගන්න ඒකට ටින් කිරි එකක් දාල ගැලපෙන ප්‍රමාණයට වතුර එක් කර ගන්න.වතුර වැඩිපුර දාන්න එපා.(ඕන නම් උකු මිටිකිරි දාන්නත් පුළුවන්)
  4. ♦️ හරි දැන් මේ මිශ්‍රණය ලිපේ තියල හැඳි ගන්න.බුබුළු දාගෙන එද්දි කජු ටික සහ වැනිලා එක් කරන්න.එනසල් ටිකත් දාන්න.
  5. ♦️ පදම ආවට පසු (පැණි වල නූල වැටෙන විට) ලිපෙන් බාන්න.
  6. ♦️ දැන් ලිප වසා පිටි එක් කරමින් කවලම් කරන්න.එකපාර පිටි දා ගන්න එපා.ටිකෙන් ටික දාන්න.ඒ වගේම ඉක්මනට ඉක්මනට මේක කරන්න ඕන.
  7. ♦️ පදම පැමිණි විට (පාප්පයක් වගේ උනාම) ලෑල්ලට දා ගෙන හොඳින් තද වෙන්න තුනී කරන්න. පිටි තවරන්න.
  8. ♦️ දැන් වේලෙන්න කලින් ඉක්මනට කෑලි කපාගෙන පිටි තවරන්න.වේලෙන්න කලින් කෑලි කපා ගන්න ඕන.
  9. ♦️ දැන් ටිකක් නිවෙන්න තියල ප්‍රවේසමෙන් භාජනයකට දා ගන්න.
🔴 මම මේ කඨින පින්කමකට හැදුවෙ.ඔයලා කැමති ප්‍රමාණයට ගානට අමු ද්‍රව්‍ය හදා ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way

කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 කිරි අලුවා හදමු (Kiri Aluwa) 🍥🍥🍥 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 07, 2022 Rating: 5

0 comments:

Post a Comment