Karadara Podi Bada Song Lyrics - කරදර පොදි බැඳ ගීතයේ පද පෙළ

Karadara Podi Bada Song Lyrics - කරදර පොදි බැඳ ගීතයේ පද පෙළ
Song Title : Karadara Podi Bada (කරදර පොදි බැඳ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : උදයසිරි පතිරණ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙන සඳ
දෑසින් කඳුළැලි මතුවෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

කිරිගල්පොත්තේ කන්ද නගින විට
ගම සිටිනා ඔබ හදෙහි ඇඳෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Karadara Podi Bada Song Lyrics - කරදර පොදි බැඳ ගීතයේ පද පෙළ Karadara Podi Bada Song Lyrics - කරදර පොදි බැඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 15, 2022 Rating: 5

0 comments:

Post a Comment