Gedi Siyayak Song Lyrics - ගෙඩි සියයක් ගීතයේ පද පෙළ

Gedi Siyayak Song Lyrics - ගෙඩි සියයක් ගීතයේ පද පෙළ
Song Title : Gedi Siyayak (ගෙඩි සියයක්)
ගායනය : නන්දා මාලිනී
පද රචනය : සමන් ප්‍රියදර්ශන
සංගීතය : ආනන්ද ගමගේ


ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි //
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ //

ගස් සොලවා හමා ඇදෙන
සුළඟ තවත් මුරණ්ඩු වෙයි
හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ

ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි //
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ //

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

ගෙඩි සියයක් බිම හෙළුවත්
අපප්චිට එක ගෙඩියයි //
අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ
පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gedi Siyayak Song Lyrics - ගෙඩි සියයක් ගීතයේ පද පෙළ Gedi Siyayak Song Lyrics - ගෙඩි සියයක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment