Rana Derane Song Lyrics - රණ දෙරණේ ගීතයේ පද පෙළ

Rana Derane Song Lyrics - රණ දෙරණේ ගීතයේ පද පෙළ
Song Title : Rana Derane (රණ දෙරණේ)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : සරත් දසනායක
ගී පද : සුනිල් ආරියරත්න


රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජනපිරිසය
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න

ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම් කරු
බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
වැටුපට මිනි මරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු
අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු

රණ දෙරණේ ගිණි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
වෙඩි උණ්ඩය වැය කොට නුඹ සුරැකිය යුතු ජනපිරිසය
යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
වැනසෙන්නේ නුඹ ද අයත් පංතිය බව සිතට ගන්න

මානන ගිණි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපුකුහරය
අදම කැලතකට අදවින නහර පිනන රස අහරය
උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය
පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rana Derane Song Lyrics - රණ දෙරණේ ගීතයේ පද පෙළ Rana Derane Song Lyrics - රණ දෙරණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2022 Rating: 5

0 comments:

Post a Comment