Dathe Elli Song Lyrics - දෑතේ එල්ලී ගීතයේ පද පෙළ

Dathe Elli Song Lyrics - දෑතේ එල්ලී ගීතයේ පද පෙළ
Song Title : Dathe Elli (දෑතේ එල්ලී)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ //

බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ //
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ //

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

පරපුර වදන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ //
මතක වළාවෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ //

දෑතේ එල්ලී
මියුරු කතා කී
සුරතල් දෝණියනි
කාලයෙ රිය සක
මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dathe Elli Song Lyrics - දෑතේ එල්ලී ගීතයේ පද පෙළ Dathe Elli Song Lyrics - දෑතේ එල්ලී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment