Bindu Bindu Ama Mee Bindu Song Lyrics - බිංදු බිංදු අම මී බිංදූ ගීතයේ පද පෙළ

Bindu Bindu Ama Mee Bindu Song Lyrics - බිංදු බිංදු අම මී බිංදූ ගීතයේ පද පෙළ
Song Title : Bindu Bindu Ama Mee Bindu (බිංදු බිංදු අම මී බිංදූ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ ආර්. චිත්‍රා
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
මිල්ටන් ගැයූ ප්‍රථම යුග ගීය මෙයයි.1969 දී නිකුත් කළ Best Hits of Milton Mallawarachchi EP තැටියට අඩංගු වූ ගීයකි.තැටි අංකය Philips JVPC 1061


බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී

කැන්දු කැන්දු සිතු සිතු වාරේ
වින්දු වින්දු මිහිරි සමීරේ
දුන්න දුකට ඔබ මට නොසිතා
යන්න ගියෙමි පෑ අත නොපතා

බිංදු බිංදු අම මී බිංදූ

මේ ගී ගැයු මිණි වීණා බිඳිලා
තත් මැද මා හෙළු කඳුළැලි මිදිලා //
රෑ දුටු සිහිනෙකි ගෙවුණු අතීතේ //
දල්වමු යලි අපි මධුර ප්‍රදීපේ

බිංදු බිංදු අම මී බිංදූ

වතට දෙනෙත මෙනි මා ළඟ උන්නේ
ඔබට නොමැත ආදරෙ වැටහෙන්නේ //
මැරුණු අතීතය එලෙස මැකේවා //
යළිදු ඔබේ හිත මා සතු වේවා

බිංදු බිංදු අම මී බිංදූ
රැන්දු රැන්දු දෙතොලේ රැන්දූ
මන්ද මන්ද ඔබ අද වෙන්වී
එන්න එන්න පියමැන ළංවී

බිංදු බිංදු අම මී බිංදූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bindu Bindu Ama Mee Bindu Song Lyrics - බිංදු බිංදු අම මී බිංදූ ගීතයේ පද පෙළ Bindu Bindu Ama Mee Bindu Song Lyrics - බිංදු බිංදු අම මී බිංදූ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment