Ansathu Wee Atha Song Lyrics - අන්සතු වී ඇත ගීතයේ පද පෙළ

Ansathu Wee Atha Song Lyrics - අන්සතු වී ඇත ගීතයේ පද පෙළ
Song Title : Ansathu Wee Atha (අන්සතු වී ඇත)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්


අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

කොතැනදී හෝ ඔබ
මා දුටු මොහොතක
නොදොඩා සැඟවී ඉන්න එපා
සිතුනේනම් යළි මා වෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කඳුළැල් දෙන්නේ නම්
දෙතොලින් කීවද
රුධිරෙන් ලීවද
ඵල නැත සිත යළි නොබැඳේනම්

අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජදහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදිම
මා ළඟමය රැඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ansathu Wee Atha Song Lyrics - අන්සතු වී ඇත ගීතයේ පද පෙළ Ansathu Wee Atha Song Lyrics - අන්සතු වී ඇත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment