ඔයා හොල්මන් විශ්වාස කරනවද? (Aduru Kumara)

ඔයා හොල්මන් විශ්වාස කරනවද? (Aduru Kumara) - Your Choice Way

ඔයා හොල්මන් විශ්වාස කරනවද?

කොහෙත්ම නෑ

ෆේස්බුක් එකේ හැම හොල්මන් ගෘප් එකකම වගේ නිතර පෝස්ට් දදා අහන ප්‍රශ්නෙට මම උත්තර දුන්නෙ ඔය විදියට . මම හොල්මන් කතා ගෘප් වලට ගියෙ විනෝදෙට හොල්මන් කතා කියවන්න විතරයි.නැතුව
ඒව ගැන විශ්වාස කරන්නවත් , ඒවට අපහාස කරන්නවත් නෙවෙයි.
නමුත් facebook ගෘප් එකක තිබුණ හොල්මන් කතාවකින් මගෙ මුලු ඡීවි⁣තේම උඩු යටිකුරු වෙයි කියල මම කවදාවත් හිතුවෙ නෑ.

"ඔයා හොල්මන් විශ්වාස කරනවද" ප්‍රසිද්ධ හොල්මන් කතා ගෘප් එකක තිබ්බ පෝස්ට් එකක්. ඒක දාල තිබුණෙ අඳුරු කුමරා කියල කෙනෙක්.

ඒ ගෘප් එකේ ගොඩක් අය හොල්මන් විශ්වාස කරනව කියල කොමෙන්ට් කරල තිබුණ. ඒත් කීප දෙනෙක් විතරක් විශ්වාස කරන්නෑ කියල තිබුණ. මමත් ඉතිං සුපුරුදු විදියට විශ්වාස කරන්නෑ කියල කොමෙන්ට් කෙරුව. එදා රෑ දොළහට විතර අඳුරු කුමරා මගෙ කොමෙන්ට් එකට උත්තර දීල තිබුණ, ඔයා ඇත්තටමද කිව්වෙ කියල. මම ඔව් කියල දැම්ම. එයාගෙන් උත්තරයක් ආව ඔයා ලඟදිම විශ්වාස කරයි කියල.

මම ඔය විකාර විශ්වාස කරන්නෑ කියල මම දාපු කොමෙන්ට් එකෙන් පස්සෙ අපේ හොල්මන් රංඩුව ඉවරවුන..
ඊට පහුවෙනිද උදේ මම වෙනද වගේම fb ආවහම අඳුරු කුමරගෙන් friend request එකක් තිබුණ.මම සාමාන්‍යයෙන් fake account වල අයව ඇඩ් කරගන්නෑ.ඒත් මොනව උනත් හොල්මන් පිස්සෙක්නෙ කියල හිතල මම රික්කුව accept කලා.
එදා රෑ දොලහට විතර අඳුරු කුමරා මට මැසේඡ් එකක් දාල තිබුන ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නෙ නැද්ද කියල. පිස්සුද බං කියල මම එයාට උත්තර දුන්න.

මෙන්න පොර එක එක ඡාතියෙ පොටෝ එවනව මට...
එයා පොටෝ තුනක් එවල තිබුණ. එකක හිටියෙ ලස්සන කෙල්ලෙක් , හැබැයි මූණ තැලිල විකෘති වෙලා හරියට වාහනේකට අහුවෙල වගේ. දෙවනි එකේ හිටියෙ computer එකකින් එඩිට් කරල හදපු කැත ⁣යකෙක්. තුන්වෙනි එකේ හිටියෙ අවුරුදු තිහක් විතර උන නෝමල් පෙනුමක් තියෙන කොල්ලෙක්.

කෑල්ලනං මරු මූණ ලස්සන උනානං , දෙවනි එකට නං බය හිතෙන්නෑ , තුන්වැනි එකේ ඉන්නෙ උබද , මම මැසේඡ් කලා.
තුන්වැනි එකේ ඉන්නෙ මම තමයි , එයා උත්තර දුන්න. හා හා එල එල කියල මැසේඡ් එකක් දාල මම නිදාගත්ත. මොකද ඒ වෙනකොටත් පට්ටම රෑ වෙලා.

පහුවෙනිද උදේ මම ඡොබ් එකට යන්න කලුතර ටවුමට ගියාම තමයි මේ දේ උනේ. අර පොටෝ එකේ කෙල්ල කලුතර පාරක් අයිනෙ ඉන්නව. මූණ කෑල්ල නැතත් , ඇඳුමෙනුයි පෙනුමෙනුයි 100% ක්ම ඒකි කියල කියතෑකි.මම පෝන් එක අතට අරන් පික් එක බැලුව ඒකිම තමයි.මමත් මගෙ ගමන නවත්තල ඒකිගෙ පස්සෙන් ගිය චුට්ටක් හැඩහුරු කම බලාගන්න , එතකොට ඒ කෙල්ල පාර පනින්න ගිය. එහාපැත්තෙන් ආපු බ්රේක් නැති ලොකු කන්ටේනරයකට එයාව එතනම යටවුන. ගොඩක් කට්ටිය එතනට දිවුව. මමත් දිවුව.

එයාගෙ ඔලුව

ඒ ගැන කියන්නත් බෑ , මට එවපු පොටෝ එකේ විදිහමයි, මගෙ ඔලුවත් කැරකෙන්න පටන්ගත්ත , මම පුළුවන් තරම් ඉක්මනින් ආපහු ගෙදර ගියා.වෙච්ච දේ ගැන හිතාගන්නවත් බෑ. මේ ගැන හිතල මට පිස්සු වගේ , කවුද මේ අඳුරු කුමරා. යකෙක්ද , අනාගතේ දකින කෙනෙක්ද. මෙයා කොහොමද අද වෙච්ච දේ කලින්ම පොටෝ ගහල මට එවුවෙ කොහොමද , මම fb එකට ගිහින් අඳුරු කුමරාට මැසේඡ් එකක් දැම්ම.
තමුසෙ කවුද ? තමුසෙ කොහොමද මේ වෙච්ච දේවල් දැනගත්තෙ. , එයාගෙන් උත්තරයක් එනකං මම දවස පුරාම බලාගෙන හිටිය. රෑ දොළහට⁣ , ඔවු රෑ දොළහට එයා මට reply කලා, ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද? එයා ඒක විතරමයි ඇහුවෙ. වෙන කිසිම දෙයක් මැසේඡ් කලේ නෑ. මේපාර නං මගෙ හිත චුට්ටක් දෙපැත්තට වැනෙන්න ගත්ත. ඇක්සිඩන්ට් එකකයි මේ හොල්මන් කතාවෙයි කිසිම සම්බන්ධයක් නෑ , හිත හදාගත්ත මම. මම තාමත් හොල්මන් විශ්වාස කරන්නෑ කියල කිවුව.

"හොඳයි"

එච්චරයි එයා කිවුවෙ එයා ආපහු offline. මට හෙන අප්සට් , මම ඒ ගැන අමතක කරල නිදාගත්ත. එදා රෑ මම හීනෙන් බයවුන , අර පොටෝ එකේ හිටපු යකා හීනෙන් ඇවිත් මගෙ බෙල්ල මිරිකන්න ට්‍රයි කලා, මම එයත් එක්ක හීනෙන් රංඩු කල, දඩස් ගාල ඇදෙන් බිමට වැටුනහමයි මාව ඇහැරුනෙ, තාමත් කරුවලයි , මම පෝන් එකෙන් වෙලාව බැලුව , පාන්දර හතරයි.මේක හීනයක්නෙ කියල හිතල, මම ආපහු නිදාගන්න ඇඳ රෙද්ද දාගන්න හදනකොටම මම කාමරේ දොර ගාව ඡායාවක් දැක්ක. හම්මට පොටෝ එකේ හිටපු යකා😱😱😱


එතකොට මහසෝණත් මාව හොයන් ඇවිල්ලද මම ඔලුවෙ ඉඳලම රෙද්ද පොරෝගෙන බයේ ගැහි නිදාගත්ත.
ඊලඟ දවසෙ උදේ මට ටිකක් උණ වගේ , මම ඒක නිසා එදත් ඡොබ් එකේ නිවාඩුවක් දැම්ම. ගෙදර අයට වෙච්ච දේ ගැන කිවුවෙ නෑ, එදත් රෑ මම කොයි එකටත් කියල facebook එක පැත්තට ගිය. රෑ දොළහට සුපුරුදු වෙලාවට අඳුරු කුමරා ඔන්ලයින් , එයා මගෙන් සුපුරුදු ප්‍රශ්නයම ඇහුව. ඔයා තාමත් හොල්මන් විශ්වාස කරන්නැද්ද?
මු නං මනුස්සයෙක් නෙවෙයි කියල මට දැන් හොඳට ශුවර්.

මට එදා නං හොඳටම අප්සට්. නෑ මම ඕව විශ්වාස කරන්නෑ කියල තව කුණුහරප කන්දරාවකුත් එයාට කියල දැම්ම. කුණුහරප වලට හොල්මන් බයලුනෙ
හොඳයි මම ම ඔයාට තේරුම් කරන්නම්කො එයා මැසේඡ් කලා.
මේ මොන මගුලක්ද මම මිනිහව මගෙ fb friend list එකෙන් බ්ලොක් කල.
එදා රෑ මට හොඳට නින්ද ගිය.

එදායින් පස්සෙ අද වෙනකම් මට කිසිම කරදරයක් තිබුණෙ නෑ , අද ඒ කියන්නෙ අර සිදුවීම වෙල දවස් හතක් ගිහින්, අද මම වෙනද වගේම මගෙ රස්සාවට ගිය. අද අපිට අලුත් බොස් කෙනෙක් ඇවිත්, එයා උදෙන්ම ඇවිල්ල රූම් එකේ වැඩ. එයාව පුද්ගලිකවම හම්බවෙල සුභපතන එක අපේ යුතුකමක්, මම යනකො⁣ට හැමෝම ගිහින් සුභ පතල තිබුණ.ඉතිං මමත් ගියා.
අලුත් බොසා පත්තරයක් බලනව. එයා එහෙම්මම ටේක් අ සීට් කියල මට කිවුව. මමත් ටැන්ක්යූ සර් කියල වාඩි වුන.
සර් මම සර්ට සුභ පතන්න කියල ආවෙ ආවෙ..

සර් මූණ වැහෙන්න බල බල හිටපු පත්ත⁣රේ දෙකට නවල මගෙ මූණ දිහා කෙලින්ම බලල මෙහෙම කිවුව.

දැන්වත් ඔයා හොල්මන් විශ්වාස කරනවද

අඳුරු කුමරා !!!
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔයා හොල්මන් විශ්වාස කරනවද? (Aduru Kumara) ඔයා හොල්මන් විශ්වාස කරනවද? (Aduru Kumara) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2022 Rating: 5

0 comments:

Post a Comment