Yata Giya Dawasa Song Lyrics - යට ගිය දවස ගීතයේ පද පෙළ

Song Title : Yata Giya Dawasa (යට ගිය දවස)
ගායනය : විශාරද එඩ්වඩ් ජයකොඩි (කාන්තා /පුරුෂ/සැවොම)
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය : රෝහණ වීරසිංහ
කුස පබා හා දැවටී ආ පහන් ගී රාවයකි.


ආ.. ආ...  අඅආ......
ආ ආ ආ...... ආ... ආආආ....

යට ගිය දවස
දඹදිව සැවැත් නුවර දෙව්රම් වෙහෙර
අප බුදු හිමි සඳ වැඩ සිටිනා සඳ (ම්...ම්....)
යට ගිය දවස
(ආ ආ ආ... ආ...)
(ආ අඅ ආ....)

පිඬු සිඟා යන හිමි නමක් මඟ
දුසිරෙන් අග පත් යුවතියක බැඳ
පෙම් බැඳ ඇයට කෙලෙසුන් වසඟව
සසුනෙහි උකටලිව
යට ගිය දවස

බුදුන් වහන්සේ
උකටලි මහනුන් කැඳවා ගෙන දම් සභාවට
තමන් වහන්සේ පෙර අත් භවයක
කුස නම් රජ කුමරුව ඉපිද
පබාවතී නම් ලඳක නිසා
(ආ ආ ආ....  ආ ආ... ආ ආ.... ආ)

වින්ද නිරා දුක් දක්වන අටියෙන්
දෙසූහ මේ කුස ජාතකය

කාම ‍පාශයෙන් නෙත් අඳවී
බෝසතා (ම්.) දෝස දුක් වින්දෝ නම් (ම්.. ම්...)
දුගී දනන් ගැන කියනු කිම (ම්.. ම්...)
ජනයිනි එයවේ බුදු වදන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yata Giya Dawasa Song Lyrics - යට ගිය දවස ගීතයේ පද පෙළ Yata Giya Dawasa Song Lyrics - යට ගිය දවස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2022 Rating: 5

0 comments:

Post a Comment