එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කොළ පැහැති පිපිඤ්ඤා ගෙඩි 1
  • සුදු පැහැති පිපිඤ්ඤා ගෙඩි 1
  • කැරට් අල 3
  • දම් පැහැති ගෝවා ගෙඩි 1/2
  • රතු,කහ,කොළ පැහැති බෙල් පෙපර් 1 බැගින්
  • සලාද කොළ 10 
  • මෙයෝනිස් සෝස් කෝප්ප 1/2 👇
  • බේකින් සෝඩා මේස හැඳි 2 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම අපි එළවළු ටික හොඳින් සෝදා ගන්න ඕන.මොකද අපි මේ සලාදයට පිපිඤ්ඤා ගන්නෙ පිට පොත්තක් එක්ක.වතුර බේසමක් අරන් ඒකට බේකින් සෝඩා පොඩ්ඩක් එකතු කරල ප්‍රථමයෙන්ම පිපිඤ්ඤා,බෙල් පෙපර් ටික හොඳින් සෝදා ගන්න.කැරට් ටිකත් හොඳට සෝදාන්න.(කැරට් වල පිට පොත්ත සූරල අයින් කරල සෝදන්න)
  2. ♦️ දෙවනුව ගෝවා කොල ටික ගලවල අරන් බේකින් සෝඩා දැමූ වතුරෙන් සෝදල ගන්න. අවසානව සලාද කොල ටිකත් සෝදල ගන්න.🔴🔴 ඇයිද දන්නවාද මේ බේකින් සෝඩා (ආප්ප සෝඩා) දැමූ වතුරෙන් එළවළු සෝදල අර ගන්නෙ.එතකොට එළවළු වලට ගහල තියන විෂ රසායනික දේවල් විනාශ වෙලා යනව. අන්න එකයි.
  3. ♦️ දැන් සෝදා ගත් එළවළු වල වතුර ඉවත් වෙන තුරු පවනේ තියන්න.නැත්නම් කිචන් ටවල් එකකින් පිහදාල ගන්න.(හැබැයි වතුර තියෙන්න බැහැ ස්වල්පයක් වත්)
  4. ♦️ දැන් පිපිඤ්ඤා (පොත්ත පිටින්ම) සහ කැරට් දිගටි සිහින් ලෙස සූරා ගන්න.(මේකට ගන්න මේ සරල උපකරණය අනිවාර්යයෙන්ම සෑම ගෙදරකම තියනවානේ)
  5. ♦️ බෙල් පෙපර් ටිකත් දෙකට කපල මදය සහ ඇට ඉවත් කරල වෙන් වෙන්ව දිගටි ලෙස කපා ගන්න.
  6. ♦️ සලාද කොල ටිකත් සිහින්ව දිගටිව කපා ගන්න.(වතුර බිඳුවක් වත් තියෙන්න බහැ. මොකද අත්දැකීමෙන් කියන්නෙ) කැමති නම් Iceberg lettuce ගන්න.මට ඒවා තිබුනෙ නැහැ
  7. ♦️ දම් පාට ගෝවා කෑල්ලත් සිහින්ව කපා ගන්න.දැන් කපා ගත් එළවළු ටික ලොකු ඉඩ ඇති භාජනයක වෙන් වෙන්ව ලස්සනට තියා ගන්න.
  8. ♦️ ඔයාල මේ සැලඩ් එක රස බලන වෙලාවට සේරම එළවළු ටික කවලම් කරල මෙයෝනිස් සෝස් ටිකක් එකතු කරල හොඳට මිශ්‍ර කරල රස බලන්න. උඩින් ගම්මිරිස් පොඩ්ඩක් දාන්න. 
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way

එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 එළවළු සලාද හදමු (Vegetable Salad) 🥗🥗 👌 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment