Sinahawa Atharin Kandulak Upanna Song Lyrics - සිනහව අතරින් කඳුළක් උපන්නා ගීතයේ පද පෙළ

Sinahawa Atharin Kandulak Upanna Song Lyrics - සිනහව අතරින් කඳුළක් උපන්නා ගීතයේ පද පෙළ
Song Title : Sinahawa Atharin Kandulak Upanna (සිනහව අතරින් කඳුළක් උපන්නා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : සී.ටී. පෙරේරා
තනුව : සී.ටී. පෙරේරා
"ගංගා" (1976) චිත්‍රපටියෙන්


සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හිමකැට වැටෙනා සීතල උදයක
ඇය හමුවූවා කඳුකර පෙදෙසක
හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ

හිමමෙන් පිරිසිදු ඔබෙ ආදරයේ
සතුට ලැබෙන්නේ කෙලෙසද සොඳුරේ
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
කඳුළැලි දුන් ඔය නිල්මිණි දෑසට
පමණයි කෙල්ලේ ආලය කෙරුවේ

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින්

හදවත ගොළු නැත මා මියුලැසියේ
ගොළු කළෙ කවුදැයි ඔබ නේද දන්නේ
ඔබ පමණයි මට සතුටට හිටියේ

ඔබ පමණයි මට සතුටට හිටියේ
ඇයි ඒ සතුටත් ඉවතට දැම්මේ
නිල්මිණි දෑසට මම සුදු ආසයි
ඔබෙ ඔය දෑසට මම සුදු ආසයි
කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි

සිනහව අතරින් කඳුළක් උපන්නා
ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා
සිනහව අතරින් කදුලක් උපන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinahawa Atharin Kandulak Upanna Song Lyrics - සිනහව අතරින් කඳුළක් උපන්නා ගීතයේ පද පෙළ Sinahawa Atharin Kandulak Upanna Song Lyrics - සිනහව අතරින් කඳුළක් උපන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 27, 2022 Rating: 5

0 comments:

Post a Comment