Seethala Pini Matha Song Lyrics - සීතල පිනි මත ගීතයේ පද පෙළ

Seethala Pini Matha Song Lyrics - සීතල පිනි මත ගීතයේ පද පෙළ

Seethala Pini Matha Song Lyrics - සීතල පිනි මත ගීතයේ පද පෙළ

Song Title : Seethala Pini Matha (සීතල පිනි මත)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී
පද : කුසුම් පීරිස්
තනුව : රෝහණ වීරසිංහ


සීතල පිනි මත මල් පෙති විසිරෙන
දවස උදාවක සතුට උදාවේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවන්නේ පෙරුම්පුරා

දෙනෙතට ළංවී රහස් කියන්නට
දෑතට සිරවී සෙනෙහෙ විඳින්නට
මා ඔබ හමුවේ
ඔබ මා හමුවේ
අරුණළු කැන්දන හිමිදිරියේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

යුග ගණනක් පැතු පැතුම් සඵල වී
වසර ගනන් සිතු සිතුම් සඵල වී
වසන්ත ගොමුවේ
ඔබ මා තනිවේ
තරු මල් කැන්දන සඳ යහනේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Seethala Pini Matha Song Lyrics - සීතල පිනි මත ගීතයේ පද පෙළ Seethala Pini Matha Song Lyrics - සීතල පිනි මත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2022 Rating: 5

0 comments:

Post a Comment