Samadhi Budu Pilima Samiduni Song Lyrics - සමාධී බුදු පිළිම සමිඳුනි ගීතයේ පද පෙළ

Samadhi Budu Pilima Samiduni Song Lyrics - සමාධී බුදු පිළිම සමිඳුනි ගීතයේ පද පෙළ
Song Title : Samadhi Budu Pilima Samiduni (සමාධී බුදු පිළිම සමිඳුනි)
ගායනය : නාලිනී රණසිංහ
පද : ගුණවතී දෙල්ගොල්ල
තනුව : නාලිනී රණසිංහ


සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

ලොවේ අන් හැම ලෙසින් වුව මා
සමිඳ ඔබ පා දොවන්නේ
සමාධී ගුණ ගලින් මතු කළ
හෙළ කලාකරුවා නමින්

සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

ගලට විශ්මිත බුදු ගුණය මැවු
කලාකරුවාණනි ඔබේ
නමට පූජිත සදා නොමියෙන
පුදමි චින්තන ගී පහන්

සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samadhi Budu Pilima Samiduni Song Lyrics - සමාධී බුදු පිළිම සමිඳුනි ගීතයේ පද පෙළ Samadhi Budu Pilima Samiduni Song Lyrics - සමාධී බුදු පිළිම සමිඳුනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment