තවමත් විවාදයට තුඩු දී ඇති රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමට හේතු (Roman Empire)

තවමත් විවාදයට තුඩු දී ඇති රෝම අධිරාජ්‍යයේ  බිඳ වැටීමට හේතු (Roman Empire) - Your Choice Way

තම බලයේ උච්චතම අවස්ථාවේදී රෝම අධිරාජ්‍යය  අයිබීරියානු අර්ධද්වීපයේ සිට උතුරු අප්‍රිකාව සහ මෙසපොතේමියාව දක්වා විහිදී ගිය අතර එය ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම බලවතෙක්  බවට එකල පත්විය. එහි පරිහානියට හේතු වූයේ කුමක්ද?  එහි අවසාන අධිරාජ්‍යයා කවුද? අද අපි ඒ පිළිබඳව විමසා බලමු.

රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම ඉතිහාසඥයින් අතර වඩාත් විවාදයට තුඩු දුන් ප්‍රශ්නයකි. එහි බිඳවැටීම විවිධ හේතු ගණනාවක් මත සිදු වූවා යැයි විශ්වාස කරන නමුත් එහි අවසානය පිළිබඳ නිශ්චිත දිනයක් ගැන පවා තවමත් හරි ආකාරව සදහනක් නැත.  සමහර ඉතිහාසඥයන් ක්‍රි.ව.476 අධිරාජ්‍යය අවසන් වූ කාලය ලෙස පවසයි. තවත් සමහරුන් පවසන්නේ රෝම අධිරාජ්‍යය කිසි විටෙකත් අවසන් නොවූ බවත් එහි නැගෙනහිර අර්ධය බයිසැන්තියානු අධිරාජ්‍යයේ ස්වරූපයෙන් පැවතුන බවත් ඔවුන් විශ්වාස කරයි.

අන්තිම රෝම අධිරාජ්‍යයා ලෙස පොදුවේ පිළිගනු ලබන්නේ රොමුලස් ඔගස්ටස් (ඔගස්ටලස්) ය.  යෞවනයෙකු වූ ඔහු මාස ​​දහයකට වඩා වැඩි කාලයක් රෝමය පාලනය කළේය. එහෙත් තරුණයකු අධිරාජ්‍ය සිංහාසනය හිමි කර ගත් බව දැන ගත් ජර්මානු නායක ඔඩෝසර් විසින් රෝමය ආක්‍රමණය කර ඔහුව බලයෙන් නෙරපා හරින ලදී.

රෝමයේ අවසානය ක්‍රි.ව.190 දී පමණ ආරම්භ වන්නට ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරන අතර ගොත් සහ වැන්ඩල්ස් ලෙස හැඳින්වෙන දරුණු ජර්මානු ගෝත්‍ර ඇතුළු විවිධ ගෝත්‍රවලින් අධිරාජ්‍යයට ප්‍රහාරයන් විවිධ අවස්ථා වල එල්ල විය.

ඊට අමතරව අධිරාජ්‍යය බිඳ වැටීමට අවශ්‍ය තවත් සමහරක් හෙතු අධිරාජ්‍යය තුළම සිදුවෙමින් පැවතුනි. ඒවායින් සමහරක් නම් යුද්ධ සහ ඒවාට අධික ලෙස වියදම් කිරීම හේතුවෙන් ඇති වූ දැඩි මූල්‍ය අර්බුදය, අධික බදු සහ උද්ධමනයට හේතු විය. බදු ගෙවන්නන් බදු ගෙවීම මගහැර ගම්බද ප්‍රදේශවලට පලා යන ලදී. ඊට අමතරව, දෙවන සියවස වන විට අධිරාජ්‍යයේ ව්‍යාප්තියද සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇත. එම නිසා යටත් කරගත් ප්‍රදේශ වලින් ගෙන එන ලද වහලුන්ද අඩු වූ අතර විශාල ශ්‍රම හිඟයක් ඇති විය. එහි ප්‍රතඵලයක් ලෙස කෘෂිකාර්මික හා වාණිජ නිෂ්පාදනය පහත වැටුණු අතර එය වෙළඳාමට බලපෑවේය.

රාජ්‍ය දූෂණය සහ දේශපාලන අස්ථාවරත්වය ද අධිරාජ්‍යයේ අවසාන වැටීමට හේතු වන්නට ඇතැයි සැලකේ. සෙනෙට් සභාවද දූෂණයෙන් පිරී තිබූ අතර එහි පාලකයන්ගේ අතිරික්තය පාලනය කිරීමට නොහැකි විය. ජනතාවට එහි නායකයන් කෙරෙහි තිබූ විශ්වාසය නැති වීමට පටන් ගත්තේය. මීට අමතරව සිදුවූ සිවිල් යුද්ධ නිසාද අධිරාජ්‍යය බිද වැටීමට හේතු වූ බව කියැවේ. මෙම ගැටුම් බාහිර බලවේගයන්ගේ බාහිර තර්ජන නිසා තවත් උග්‍ර වූ අතර සිව්වන සියවස දක්වාම පැවතුනි. රෝමයේ සුප්‍රසිද්ධ හමුදා ද පසුබට වීමට පටන් ගත් අතර, එහි හමුදාවට මිනිසුන් බඳවා ගැනීම වඩ වඩාත් දුෂ්කර විය.  බඳවා ගත් විදේශීය කුලී හේවායන් රෝමවරුන්ගේ භූමිය අත්පත් කර ගැනීමට උත්සාහ කළ අතර බොහෝ දෙනා රෝමයට විරුද්ධ විය.

ක්‍රි.ව. තුන්වන සියවසේදී ඩයොක්ලෙටියන් අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයේ පාලනය දෙකට බෙදීමට තීරණය කරන ලදී. බටහිරින් පැවති එක් කොටසක අගනුවර මිලාන් වූ අතර නැගෙනහිරින් පිහිටි කොටසේ  අගනුවර බයිසැන්තියම් ලෙස හැඳින්වූ අතර පසුව කොන්ස්ටන්ටිනෝපල් ලෙස එහි නම වෙනස් විය. මෙම පියවර අධිරාජ්‍යය පාලනය කිරීම පහසු කරවුවද, එම කොටස් දෙක එකිනෙකට වෙනස් වූ අතර බාහිර තර්ජන වලක්වා ගැනීම සඳහා එකමුතුව වැඩ කිරීමට අසමත් විය. නැගෙනහිර අර්ධයේ ධනය හා ව්‍යාපාර අඛණ්ඩව වර්ධනය වූ නමුත් ආර්ථික පරිහානිය සහ දිගින් දිගටම එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසා බටහිර කොටස අවසානයේදී පස්වන සියවසේදී බිද වැටුනි.

සමහර ඉතිහාසඥයින් රෝමය බිද වැටීමට සාධකයක් ලෙස ක්‍රිස්තියානි ධර්මයද සම්බන්ධ බව දක්වයි. ක්‍රි.ව.313 දී මෙම ආගම රෝමයේ නීතිගත කරන ලද අතර ක්‍රි.ව.380 දී රාජ්‍ය ආගමක් බවට එය පත්විය. මෙම නියෝගයෙන් කිතුනුවන්ට හිංසා පීඩා කිරීම අවසන් වූ අතර බොහෝ දෙවිවරුන්ට වන්දනාමාන කළ, අධිරාජ්‍යයා දිව්‍යමය පුද්ගලයෙකු ලෙස සැලකූ රෝම ආගමේ පරිහානියද එය විය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
තවමත් විවාදයට තුඩු දී ඇති රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමට හේතු (Roman Empire) තවමත් විවාදයට තුඩු දී ඇති රෝම අධිරාජ්‍යයේ  බිඳ වැටීමට හේතු (Roman Empire) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2022 Rating: 5

0 comments:

Post a Comment