Rajjuruwo Udayi Udayi Song Lyrics - රජ්ජුරුවෝ උඩයි උඩයි ගීතයේ පද පෙළ

Rajjuruwo Udayi Udayi Song Lyrics - රජ්ජුරුවෝ උඩයි උඩයි ගීතයේ පද පෙළ
Song Title : Rajjuruwo Udayi Udayi (රජ්ජුරුවෝ උඩයි උඩයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : අමරසේන කංකානම්ගේ
තනුව : එඩ්වඩ් ජයකොඩි


රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි //
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

කොස් කොළ ගෙන ඔටුණු හදල හිස පළඳින්නා
සිංහාසනයක් අටවා එහි රජ වෙන්නා
යුක්තිය පසිඳා ලන්නට නඩු විසඳන්නා
වැරදි හොයා රජු කාටත් දඬුවම් දෙන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි //
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

එකෙක් ඇතෙකු වී රජු ඒ ඇතු පිට යන්නා
කෙසෙල් පතුරු කඩුව අරන් යුද්ධ කරන්නා
එකින් එකා පොරකාගෙන රජකම ගන්නා
ඒ රජකම ගෙනියන හැටි තවම නොදන්නා

රජ්ජුරුවෝ උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි //
රජ්ජුරුවෝ ....
උඩයි උඩයි
මිටි කොල්ලෝ බිමයි බිමයි

මතකද ඒ පුංචි අපේ සෙල්ලම් කාලේ
පුංචි අපිත් එක මොහොතක් රජවුණි බාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rajjuruwo Udayi Udayi Song Lyrics - රජ්ජුරුවෝ උඩයි උඩයි ගීතයේ පද පෙළ Rajjuruwo Udayi Udayi Song Lyrics - රජ්ජුරුවෝ උඩයි උඩයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment