Pan Padure Song Lyrics - පන් පැදුරේ ගීතයේ පද පෙළ

Pan Padure Song Lyrics - පන් පැදුරේ ගීතයේ පද පෙළ
Song Title : Pan Padure (පන් පැදුරේ)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : නිලාර් එන්. කාසිම්
තනුව : නවරත්න ගමගේ


පන් පැදුරේ ඇඳුණු රටා විලස විසිතුරින්
පුන් සිනහව රැගෙන එන්න සොඳුර පින් සිරින්
දුම්බර කඳු යාය උඩින් පුන් සඳක් ලෙසින්
පිපි විට ඔබ ඒ යට කොඳ මලක් වෙමි සුපෙම්

වියන පැදුරේ අතැඟිලි නැටවෙණු දුටු විලසින්
පන් කොළයක් වන්නට හිත ලෝල වෙයි සැණින්
නිලට පිපුණු නාඹර පන් යාය මැද ඉඳන්
ඔබ කී කවි හැබෑ වෙන තුරා ඉන්නෙමී මං
නිලට පිපුණු නාඹර පන් යාය මැද ඉඳන්
ඔබ කී කවි හැබෑ වෙන තුරා ඉන්නෙමී මං

හිටි හැටියෙම ඔබ මතුවන විටක හිත යටින්
නියඳ රටාවක අසිරිය දැනේ සියොළඟින්
ඔබෙ අතැඟිලි අපට මවන පැදුර මත ඉඳන්
කොයි කවදා සිහින දකිමු සොඳුරියේ ඉතින්
ඔබෙ අතැඟිලි අපට මවන පැදුර මත ඉඳන්
කොයි කවදා සිහින දකිමු සොඳුරියේ ඉතින්

හෝ......... ඕ. ඕ....
හොඔඕ..................

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pan Padure Song Lyrics - පන් පැදුරේ ගීතයේ පද පෙළ Pan Padure Song Lyrics - පන් පැදුරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 22, 2022 Rating: 5

0 comments:

Post a Comment