පයිනැපල් ගැටෝ හදමු (Pineapple Gataue) 🥞🥞

පයිනැපල් ගැටෝ හදමු (Pineapple Gataue) 🥞🥞 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

ස්පොන්ජ් කේක් එක සෑදීමට
  • පිටි ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 250
  • බිත්තර 6 
  • බේකින් පවුඩර් මේස හැඳි 1
  • බේකින් සෝඩ තේ හැඳි 1/4
  • කිරි කෝප්ප 1 ක්
  • වැනිලා ස්වල්පයක් 

ගැටෝ එක සෑදීමට
  • විපින් ක්‍රීම් මිලි 200
  • අයිසින් සීනි මේස හැඳි 3 ක්
  • හොඳට පැසී ඉදුණු නැවුම් අන්නාසි ගෙඩියක් 
  • (පොඩි කෑලි වලට කපා ගන්න)
  • සීනි අඬු කෝප්ප 1
  • වතුර අඬු කෝප්ප 3/4 
  • කුරුඳු කැබැල්ලක්
  • බ්‍රැන්ඩි මේස හැඳි 2 ක් (අත්‍යාවශ්‍යතම නෑ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. ♦️ මුලින්ම පිටි සහ බේකින් පවුඩර් කිහිපවරක් හලාගන්න.(බොහෝ දෙනාට කේක් හදද්දි නියමිත ප්‍රම්තිය නොයෙන්න බලපාන ප්‍රධානතම සාධකයක් තමයි බේකින් පවුඩර් සහ පිටි හොඳට කවලම් නොවීම.එක්කො මැද පිම්බිලා නෑ කියනව නැත්නම් පුපුරලා කියනව.ඒ වගේම නියමිත අනුපාතවලට අමු ද්‍රව්‍ය එකතු කරන්නත් ඕන.ඒව අඩු වැඩි වෙන්නත් බැහැ.)
  2. ♦️ දැන් බිත්තර සුදු මද ,කහ මද වෙන් කරගෙන (බිත්තර ටික වෙලාවක් ශ්‍රීතකරණයේ තියල ගන්න.එතකොට සුදු මද කහ මද වෙන් කර ගන්න පහසුයි) සුදු මද වලට සිනි වලින් හරි අඩක් දාල හොඳින් බීට් කරන්න.මතක තියා ගන්න මේක වැක්කෙරෙන්නෙ නැති පදම එනකන් හොඳට බීට් කරන්න.අර හිම වලාකුළු පුඩිමට බීට් කරන්නෙ.අන්න ඒ වගේ.
  3. ♦️ ඊට පසු  කහ මද ටිකට ඉතිරි සීනි ටිකත් දාල ඒකත්  ක්‍රීම් වගේ වනතුරු බීට් කරන්න.
  4. ♦️ හරි දැන් කහ මද ක්‍රීම් එකට එයටම පිටි සහ කිරි ටික ටික එකතු කරමින් බීට් කරන්න.(පිටි ටිකෙන් ටික දන්න මතක තියා ගන්න)
  5. ♦️ සුදු මද ටික එකතු කරල වැනිලා ටිකත් එකතු කරල ( කැමති නම් අන්නාසි එසන්ස් ටිකක් දන්න වැනිලා වෙනුවට) හොඳින් කවලම් කරන්න.ස්ප්‍රැචූලා එකක් භාවිතා කරන්න.බීට් කරන්න එපා.
  6. ♦️ ට්‍රේ එකේ හොඳට තෙල් ටිකක් ගාල පාච්මන්ට පේපර් තියල නැවත තෙල් ටිකක් ගන්න.පසුව බැටර් එක දමා අවන් එකේ සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයේ විනාඩි 30 ක් 35 ක් බේක් කර ගන්න.
  7. ♦️ පසුව ටූත් පික් එකක් ගසා බලන්න.එය පිරිසිදු නැවත එනව නම් දැන් කේක් එක හරි. දැන් කේක් එක හොඳට නිවෙන්න තියන්න. ඊළඟට කොටස් තුනකට ලේයර් කරන්න. 🔴🔴 අවන් එකක් නැත්නම් ගෑස් ලිපේ හදන්නත් පුළුවන්.බේකින් ට්‍රේ එක බහාලිය හැකි භාජනයක් ලිප තබා විනාඩි 10 ක් ෆ්‍රී හීට් කරන්න.එයට කූලින් රැක් එකක් තබා කේක් එක විනාඩි 40 ක් වගේ බේක් කර ගන්න)
  8. ♦️ අපි හදමු ගැටෝ එක.සීනි ටිකට වතුර එක්කර හොදින් නටන තෙක් උණු කරන්න. දැන් ඒකට කුඩාවට ග්‍රේට් කර ගත් අන්නාසි ටික එකතු කරන්න.මෙය උතුරගෙන එද්දි සිරප් ටික වෙන් කරල අර ගන්න.
  9. ♦️ පසුව අපි ලේයර් කර ගනිපු කේක් කොටස් තුන ලෑල්ලක් මත තියල අර වෙන් කර ගනිපු සිරප් ටික වක් කරන්න.කැමති නම් සිරප් එකට බ්‍රැන්ඩි ස්වල්පයක් එකතු කරන්න.මම නම් බ්‍රැන්ඩි පොඩ්ඩක් එකතු කලා.දැන් මේ ලේයර්ස් තුනටම උඩින් අන්නාසි කැබැලි ටික තුනී කරල පැයක් විතර ශීතකරණයේ තියන්න.
  10. ♦️ අවසානයට වීපින් ක්‍රීම් ටික අරන් එයට අයිසින් ටික දමා වැක්කෙරෙන්නෙ නැති පදම එනකන් බීට් කරන්න. 🔴🔴 මම මෙතනදි ගත්තෙ මම ගෙදර හදා ගනිපු වීපින් ක්‍රීම්.(හදන හැටි රෙසිපි එක මීට කලින් දාල ඇති බලන්න) ඔයාල කඩේ වීපින් ක්‍රීම් ගන්නව නම් විනාඩි 5 ක් විතර බීට් කරල අයිසින් සුගර් එකතු කරන්න.
  11. ♦️ දැන් ලේයර්ස් තුනේම ලස්සනට මේ ක්‍රීම් එක අතුරා ලේයර්ස් තුන එකට සෙට් කරන්න.
  12. ♦️ නොසෙල් එකක් තියේනම් තවත් ලස්සනට අලංකාර කර ගන්න.උඩට ග්‍රෙට් කර ගත් අන්නාසි පොඩ්ඩක් ඉසින්න.
♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනවා. 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පයිනැපල් ගැටෝ හදමු (Pineapple Gataue) 🥞🥞 පයිනැපල් ගැටෝ හදමු (Pineapple Gataue) 🥞🥞 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 26, 2022 Rating: 5

0 comments:

Post a Comment