Pana Dagena Song Lyrics - පණ දාගෙන ගීතයේ පද පෙළ

Pana Dagena Song Lyrics - පණ දාගෙන ගීතයේ පද පෙළ
Song Title : Pana Dagena (පණ දාගෙන)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා


පණ දාගෙන පන්දු යවනවා
කරබාගෙන පිත්ත වනනවා
විකට් එකත් දෙකට කැඩෙනවා
අම්පයර් දොරේ අත උස්සනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

අර පැත්තේ කොඩිය වනනවා
මේ පැත්තේ තොප්පි වනනවා
කොල්ලෝ දිහා කෙල්ලෝ බලනවා
පිට්ටනියේ ලිස්සා වැටෙනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

ප්‍රින්සිපල්ගේ ජොලිය නගිනවා
සිගරට් එක පත්තු කරනවා
නෝනා කෙනෙක් දිහා බලනවා
බිග් මැච් එක කොට උඩ යනවා

අපි පාරේ නටමු බිග් මැච් එක දා
දෙනවා බැටේ දෙනවමයි මෙදා
ලණුව උඩින් ඇර සොයිසා
ලණුව උඩින් ඇර හායි හායි
හිප් හිප් හුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Dagena Song Lyrics - පණ දාගෙන ගීතයේ පද පෙළ Pana Dagena Song Lyrics - පණ දාගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2022 Rating: 5

0 comments:

Post a Comment