Ma Mala Dawasaka Song Lyrics - මා මළ දවසක ගීතයේ පද පෙළ

Ma Mala Dawasaka Song Lyrics - මා මළ දවසක ගීතයේ පද පෙළ
Song Title : Ma Mala Dawasaka (මා මළ දවසක)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : මහගම සේකර
තනුව : එඩ්වඩ් ජයකොඩි


මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොළින් දෙතොළට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

මවුනි පොරන ඔබ රනවිරු දරුවන්
වැළැලුණු මේ මිණි දෙරණේ
ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි
මගෙ හදවත පණ ගැහුණේ

උපතින් දිවියෙන් මරණින් එක ලෙස
ඔබ ගෙන් මා ලද උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නොදැනේ

මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දෙතොලට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ma Mala Dawasaka Song Lyrics - මා මළ දවසක ගීතයේ පද පෙළ Ma Mala Dawasaka Song Lyrics - මා මළ දවසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment