Latha Madullak Kathakaranawa Song Lyrics - ලතා මඬුල්ලක් කතාකරනවා ගීතයේ පද පෙළ

Latha Madullak Kathakaranawa Song Lyrics - ලතා මඬුල්ලක් කතාකරනවා ගීතයේ පද පෙළ

Latha Madullak Kathakaranawa Song Lyrics - ලතා මඬුල්ලක් කතාකරනවා ගීතයේ පද පෙළ
Song Title : Latha Madullak Kathakaranawa (ලතා මඬුල්ලක් කතාකරනවා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ චන්ද්‍රාණි ගුණවර්ධන
පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව : සරත් දසනායක


ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

වෙන්වී යන්නේ රෑ තනි යානේ
තනිකම නොදැනේදෝ
ඒ තනි යානේ තනිය මකන්නේ
මතක සුවඳ නේදෝ

උදයේ හමුවී හවසට වෙන්වී
යළි හෙට හමුවේ දෝ
සදහට නැවතී ඉන්නට එන්නම්
දෙසිතක් නෑ නේදෝ

ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

රන් තරු යායේ සඳ පායන්නේ
අප දැකලා නේදෝ
ඒ හඳපානේ අප හමුවන්නේ
හෙට දිනයේ නේදෝ

කල් බලමින්නේ අතැ'ඟිලි ගැන්නේ
හමුවන තුරු නේදෝ
මුදු පළඳින්නේ මුතු කර ලන්නේ
නැකැත් බලා නේදෝ

ලතා මඬුල්ලක් කතාකරනවා
සෙවණට එන්න කියා
මේ මල් උද්‍යානේ
නවතිමු හැන්දෑවේ

වලා කැරැල්ලක් ඔහේ ඇදෙනවා
බෑ නවතින්න කියා
මේ මල් උද්‍යානේ
වෙන්වෙමු රෑ බෝවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Latha Madullak Kathakaranawa Song Lyrics - ලතා මඬුල්ලක් කතාකරනවා ගීතයේ පද පෙළ Latha Madullak Kathakaranawa Song Lyrics - ලතා මඬුල්ලක් කතාකරනවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment