Lassana Rata Mekayi Song Lyrics - ලස්සණ රට මේකයි ගීතයේ පද පෙළ

Lassana Rata Mekayi Song Lyrics - ලස්සණ රට මේකයි ගීතයේ පද පෙළ
Song Title : Lassana Rata Mekayi (ලස්සණ රට මේකයි)
ගායනය : නාලිනී රණසිංහ
පද : චිත්‍රානන්ද අබේසේකර
තනුව : ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතාගේ බවට මතකයේ ඇතැයි  නාලිනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළ මුත්, එය තමාට එක හෙළාම තහවුරු කළ නොහැකි බවද කියා සිටියාය. මෙය නිදහස් උත්යවය අලලා නිර්මාණය වී ඇති ගීයක් බව පෙනී යයි. වාර්තා සොයා ගැනීමට නොහැකි විය.



ලස්සණ රට මේකයි
මේ සිරි ලංකාවයි //

නිදහස් ගීත ඇසේ
නිවහල් ගතිය දැනේ //

පොළවෙන් මිණි කැට මතුවෙනවා
මුහුදෙන් මුතු ඇට උපදිනවා
තරු කැට අහසේ දිලිසෙනවා
ඇළ දොළ ගංගා බැස යනවා
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

රන්වැලි සෑ කොත දිලිහෙනවා
අවුකන බුදු රැස් විහිදෙනවා
සීගිරි ලලනාවන් පිනවා
රඟ දෙයි දිය වැල් කලා වැවේ
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

ජය සිරිමහ බෝ සෙත වෙනවා
දළදා හිමි රට රැක දෙනවා
මිහින්තලෙන් දම් හඬ එනවා
බුදු සිරිතෙන් රට සැනසෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Rata Mekayi Song Lyrics - ලස්සණ රට මේකයි ගීතයේ පද පෙළ Lassana Rata Mekayi Song Lyrics - ලස්සණ රට මේකයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment