Kandu Kapa Ruwan Hiru Song Lyrics - කඳු කපා රුවන් හිරු ගීතයේ පද පෙළ

Kandu Kapa Ruwan Hiru Song Lyrics - කඳු කපා රුවන් හිරු ගීතයේ පද පෙළ
Song Title : Kandu Kapa Ruwan Hiru (කඳු කපා රුවන් හිරු)
ගායනය : නාලිනී රණසිංහ
පද : වල්ගම සෝමපාල
තනුව : නාලිනී රණසිංහ


කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ)
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි)
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා

උඩහ ගෙදර යස මැණිකා කළු කැන්දන් ඒ (ඕ.. ඕ.. ඕ.. ඕ...)
පහළ ගෙදර හිච්චි නඟා දෑකැති ගන්නේ
ඇඹුල තියා මුල බැඳලා දෝ සැරසෙන්නේ
ඉර මුදුනට එන කලියෙන් කමතට එන්නේ

කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ)
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි)
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා

බුද්ධං සරණේ මහිමෙන් වෙලට බහිනවා
ධම්මං සරණේ දරමින් සින්දු කියනවා
සංඝං සරණේ සරණින් පෑ වත වෙනවා
මේ තුන් සරණේ බලයෙන් රට සරු වෙනවා

කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ)
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි)
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා
ආරාධනා
ආයාචනා
ආරාධනා
ආයාචනා
ආරාධනා
ආයාචනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kandu Kapa Ruwan Hiru Song Lyrics - කඳු කපා රුවන් හිරු ගීතයේ පද පෙළ Kandu Kapa Ruwan Hiru Song Lyrics - කඳු කපා රුවන් හිරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 03, 2022 Rating: 5

0 comments:

Post a Comment