Domba Malin Maleka Song Lyrics - දොඹ මලින් මලෙක ගීතයේ පද පෙළ

Domba Malin Maleka Song Lyrics - දොඹ මලින් මලෙක ගීතයේ පද පෙළ
Song Title : Domba Malin Maleka (දොඹ මලින් මලෙක)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : කුමරදාස සපුතන්ත්‍රී


දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ //

හද සුවය මවෙත රඳන විහඟ ගීතයයි
සුව සිහින වැලෙක මල් පීදෙන කාලයයි
නව යෞව්වනේ පිපි මල් වනේ
රණ තිසර ළමැද සෙවණේ මධු සාදයයි

දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ

වන වදුළු පුරා නිල්ල නිලන කාලයයි
රණ මොණර කිකිණි හඬින් නැගෙන තාලයයි
හසරැල් සලා කඳුලැල් නිවා
සිත නිබඳ සොයන නිමල සොඳුරු ගීතයයි

දොඹ මලින් මලෙක රේණු තලන
තුරුණු බඹර රැහේ
මද මතින් ඉපිල රඟනු බලා
මල් මුවරද සැලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Domba Malin Maleka Song Lyrics - දොඹ මලින් මලෙක ගීතයේ පද පෙළ Domba Malin Maleka Song Lyrics - දොඹ මලින් මලෙක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 08, 2022 Rating: 5

0 comments:

Post a Comment