Budu Banak Kiyannata Song Lyrics - බුදු බණක් කියන්නට ගීතයේ පද පෙළ

Budu Banak Kiyannata Song Lyrics - බුදු බණක් කියන්නට ගීතයේ පද පෙළ
Song Title : Budu Banak Kiyannata (බුදු බණක් කියන්නට)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : ආනන්ද හේවාරංහිඳගේ


බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

හැබැයි ඉස්සර වගේ මගෙ පුතේ කියාලා
තුරුළු කරගන්නනම් එපා ඉක්මන් වෙලා
බත් කටක් කවන්නට හිත ගියත් ළං වෙලා
එපා සිල් ඇවැත්වෙයි මවු සෙනෙහෙ සිහි වෙලා

බණ කතා කියන කොට හුරතලෙන් මුව විදා
කඳුළු පිස දුක නිවෙන බණ අසමු නෙතු පියා
හැඬුම් නැති සිතින් පුතු දකින්නට දිරි පතා
අපිත් විවරණ ලබමු වැටී වැඳ පුතු දෙපා

බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා
බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා
බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා
නියත විවරණ දෙන්න යමු මැණිකෙ නැගිටලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Banak Kiyannata Song Lyrics - බුදු බණක් කියන්නට ගීතයේ පද පෙළ Budu Banak Kiyannata Song Lyrics - බුදු බණක් කියන්නට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 06, 2022 Rating: 5

0 comments:

Post a Comment