Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ

Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ
Song Title : Asuru Sanin Eka Mohothakadi (අසුරු සැණින් එක මොහොතකදී)
ගායනය : යමුනා විනෝදනී
සංගීතය : ලෙස්ලි අශෝකා
ගී පද : කුසුම් පීරිස්


අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙළියන්ගෙ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුල ගෙයි පතිනිය වන්නට //
මතු යම් දවසක හැකි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

සෙනෙහෙ විමානේ කිරුළ දරන දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවණකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැණින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහි වේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ Asuru Sanin Eka Mohothakadi Song Lyrics - අසුරු සැණින් එක මොහොතකදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 14, 2022 Rating: 5

0 comments:

Post a Comment