Sudu Walakulak Song Lyrics - සුදු වලාකුළක් ගීතයේ පද පෙළ

Sudu Walakulak Song Lyrics - සුදු වලාකුළක් ගීතයේ පද පෙළ
Song Title : Sudu Walakulak (සුදු වලාකුළක්)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : මහින්ද කේ. ප්‍රේමසිරි
තනුව හා සංගීතය : කීර්ති පැස්කුවල්


සුදු වලාකුළක්

මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

නිල් තරු අතරේ
මැසිවිලි නැඟුණේ
දුටු ලපලු ලතා
මේ පුලින තලා //

මුදු සහන පතා
ළැම සුවය ලබා
විශ්මය කිමදැයි
මේ සහස්‍රයේ

සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

හිම වැටෙන බිමේ
දෙකොපුලට නැමී
රතු දෙතොල තෙමී
උණුමට වෙලී //

රස සුවඳ බොමී
සිසිලසට හිමී
මියැසිය කවුදැයි
මේ සහස්‍රයේ

සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ
හෝරාව සුබයි
පියඹමු සතුටින්
විශ්වයෙ සෙවණ තියේ
සුදු වලාකුළක්
මද මුදු පවනක්
පාවී යයි අහසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sudu Walakulak Song Lyrics - සුදු වලාකුළක් ගීතයේ පද පෙළ Sudu Walakulak Song Lyrics - සුදු වලාකුළක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 24, 2021 Rating: 5

0 comments:

Post a Comment