පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2)

පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2) - Your Choice Way

⚫ගයස් අපුලියස් ඩයොක්ලස් (Gaius Appuleius Diocles)
පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2) - Your Choice Way

නූතන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් අද දවසේ උපයන වැටුප් බොහෝ විට අප මවිත වන තරම් විශාල වේ. නමුත් මෙම ධනය දෙවන සියවසේ රෝමානු අශ්ව රථ ධාවකයෙකු වන ගයස් අපුලියස් ඩයොක්ලීස්ගේ ධනය හා සසඳන කල ඉතා සුළු මුදලකි.

වසර 24 ක වෘත්තීය දිවිය තුළ ගයස් තරඟ 4,200 කට අධික සංඛ්‍යාවක් සඳහා තරඟ කර 1,462 ක් පළමු ස්ථාන දිනා ගත් අතර තරග 861ක දෙවන ස්ථානයට පත්විය. වඩා හොඳ වාර්තා සහිත වෙනත් අශ්ව රථ ධාවකයින් සිටියද, ගයස්ට විශාල මුදල් පිරිනමන ඉසව් දිනා ගැනීමට විශේෂ දක්ෂතාවයක් තිබූ අතර, ඔහුගේ ඉපැයීම් මගින් ඔහු පුරාණ රෝමයේ ධනවත්ම පුද්ගලයකු බවට පත්විය.

පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පීටර් ස්ට්‍රක් පවසන පරිදි, ගයස් අපුලියස් ඩයොක්ලීස්ගේ මිලියන 36ක් වූ  වත්කමින් මුළු රෝමානු හමුදාවේම වැටුප මාස දෙකකට වැඩි කාලයක් ගෙවීමට ප්‍රමාණවත් වූ බවයි. මෙය නූතන මුදල් වලින් ඩොලර් බිලියන 15 කට වඩා යැයි ගණනය කර තිබේ.

⚫රෝඩ්ස්හි ඩයගොරස් (Diagoras of Rhodes)
පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2) - Your Choice Way

රෝඩ්ස්හි ඩයගොරස් බොක්සිං ශූරයකු වූ අතර පුරාණ ග්‍රීසියේ  ප්‍රසිද්ධ ක්‍රීඩා පවුලක සාමාජිකයෙක් විය. ක්‍රි.පූ.464  ඔලිම්පික් උළෙලේදී ඔහු ජයග්‍රහනය හිමිකර ගත් අතර ඒ සදහා ඒවකට ජයග්‍රාහකයාට හිමි වන ඔටුන්න දිනා ගත්හ.

ඔහු ඩෙල්ෆි හි පයිතියන් උළෙලේදී, නෙමේන් ක්‍රීඩා උළෙලේදී සහ ඉස්ත්මියානු ක්‍රීඩා උළෙලේදී බොක්සිං ශූරතා දිනා ගැනීමට සමත් විය. මේත් සමගම ප්‍රධාන ක්‍රිඩා උත්සව හතරේදීම ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනමන ගෞරව සම්මානය ඔහුට හිමි විය.

ඩයගොරස් ඔහුගේ පුතුන් තිදෙනාගේ ජයග්‍රහණ සඳහාද වඩාත් ප්‍රසිද්ධ වී ඇති අතර, ඔවුන් සියල්ලෝම බොක්සිං හෝ පැන්ක්‍රේෂන් වලින් ශූරතා දිනා ගත්හ.  ඔහුගේ පුතුන් වන දමගෙටස් සහ අකුසිලස් ක්‍රි.පූ.448 ඔලිම්පික් උළෙලේදී ඔවුන් ලද ජයග්‍රහණ සමරනු ලැබුවේ ඩයගොරස්ව උරහිස මත තබා ගෙන යාමෙනි. පසුකාලීනව කාව්‍ය රචක පින්ඩාර් විසින් ඔහු ලද ජයග්‍රහණ පිළිබද ලියා තබා ඔහුව සදා අමරණීය කරන ලදී.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2) පුරාණ ලෝකයේ ක්‍රීඩා තරු - දෙවන කොටස (Sports Stars Of The Ancient World - Part 2) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment