Soduriye Pera Da Song Lyrics - සොඳුරියේ පෙර දා ගීතයේ පද පෙළ

Soduriye Pera Da Song Lyrics - සොඳුරියේ පෙර දා ගීතයේ පද පෙළ
Song Title : Soduriye Pera Da (සොඳුරියේ පෙර දා)
ගායනය : සමන්ත පෙරේරා
පද : පූර්ණ ජය ශ්‍රී
තනුව : සමන්ත පෙරේරා


සොඳුරියේ පෙර දා හද ගැබ ඉපදුණු
සුහුඹුල් සෙනෙහස් අංකුර නැඟ නැඟ ලියලනු දැක දැක
සැනසෙමි මා සොඳුරියේ

විසල් තුරු මුදුන් අතරින් පියාසර
සියොත් කැලක නිදහසක් දැනේ මට
සිහන් සරැලි පොපියන සෙනේ ගඟ
සිහිල් පැන් දෝවාලයි මගෙ සිත

සොඳුරියේ පෙර දා හද ගැබ ඉපදුණු
සුහුඹුල් සෙනෙහස් අංකුර නැඟ නැඟ ලියලනු දැක දැක
සැනසෙමි මා සොඳුරියේ

වියත් රන් හුයෙන් නොබැඳුණු පියඟනුන්
හාංකවිසියක් නොදනිති ලෝකය
රහස් මොටද සඟවා ඉන්නේ තව
පමා නොවී යමු අපි එක පියසට

සොඳුරියේ පෙර දා හද ගැබ ඉපදුණු
සුහුඹුල් සෙනෙහස් අංකුර නැඟ නැඟ ලියලනු දැක දැක
සැනසෙමි මා සොඳුරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soduriye Pera Da Song Lyrics - සොඳුරියේ පෙර දා ගීතයේ පද පෙළ Soduriye Pera Da Song Lyrics - සොඳුරියේ පෙර දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 30, 2021 Rating: 5

0 comments:

Post a Comment