Puruthugale Atha Ratin Song Lyrics - පුරුතුගාලෙ ඈත රටින් ගීතයේ පද පෙළ

Puruthugale Atha Ratin Song Lyrics - පුරුතුගාලෙ ඈත රටින් ගීතයේ පද පෙළ
Song Title : Puruthugale Atha Ratin (පුරුතුගාලෙ ඈත රටින්)
ගායනය : කීර්ති පැස්කුවල්
පද : හේමසිරි හල්පිට
නාද සිත්තම හා සංගීත සංකලනය : කීර්ති පැස්කුවල්


පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට //

මගෙ උඩරට සුදු මැණිකෙව මම යන්නම් කැන්දාගෙන
පබළු මැණික් මාල හතක් ගෙලේ බඳින්නම් නැකතට
දමල වළලු අත් දෙකටම ඇඟේ ඔතල මල් ඔසරිය
අගේ මවා ගෙනියන තුරු ආසාවේ බැහැනෙ ඉන්න

පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට

ආලවන්තකම හින්දම දෙන්න ඉන්න එක හෙවනක
අස්ස රථේ අරන් එනවඑක්කං යන්නට මැණිකෙව
ඊට පස්සෙ ඇහැළ මහට බලන්න යමු රජ පෙරහැර
අපි දෙන්න එක්වුණු බව දැනගනීවි රට එතකොට

පුරුතුගාලෙ ඈත රටින්
ඇවිත් හදපු බලකොටුවල
උන්නු අයත් සිංදු කිව්ව සිලෝන් එකට
පාන් කකා වයින් බිබී
රැඟුම් තාල වලින් කියපු
කපිරිඤ්ඤා මතක් වෙනව තාමත් අපට ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puruthugale Atha Ratin Song Lyrics - පුරුතුගාලෙ ඈත රටින් ගීතයේ පද පෙළ Puruthugale Atha Ratin Song Lyrics - පුරුතුගාලෙ ඈත රටින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment