Nalale Kiyabu Lathawo Song Lyrics - නළලේ කියඹු ලතාවෝ ගීතයේ පද පෙළ

Nalale Kiyabu Lathawo Song Lyrics - නළලේ කියඹු ලතාවෝ ගීතයේ පද පෙළ
Song Title : Nalale Kiyabu Lathawo (නළලේ කියඹු ලතාවෝ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ක්ලෝඩ් ප්‍රනාන්දු


නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ
ආකාසේ වලා පෙළින් නෙළා ගෙනල්ලා
ඔපේ වඩන කියඹු ලතා ඕවා
කිරිමූදේ තරංගයෙන් හොරා ගෙනල්ලා
රටක් වටින සිනා පොකුරු ඕවා

පිපෙනා පොකුරු සිනාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

හඳපානේ රටාවකින් නේද ගෙනාවේ
මගේ නෙතේ වශී සිනා ඕවා
දෑඟිල්ලේ ඔතා ගන්න මට හිතදේවී
අඟර දඟර කියඹු ලතා ඕවා

නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

කිරිමූදේ තරංගයෙන් හොරා ගෙනල්ලා
රටක් වටින සිනා පොකුරු ඕවා
ආකාසේ වලා පෙළින් නෙළා ගෙනල්ලා
ඔපේ වඩන කියඹු ලතා ඕවා

නළලේ කියඹු ලතාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ
පිපෙනා පොකුරු සිනාවෝ
සුමනෝ කොයින් ගෙනාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nalale Kiyabu Lathawo Song Lyrics - නළලේ කියඹු ලතාවෝ ගීතයේ පද පෙළ Nalale Kiyabu Lathawo Song Lyrics - නළලේ කියඹු ලතාවෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment