Muwa Hasarali Sagare Song Lyrics - මුව හසරැළි සාගරේ ගීතයේ පද පෙළ

Muwa Hasarali Sagare Song Lyrics - මුව හසරැළි සාගරේ ගීතයේ පද පෙළ
Song Title : Muwa Hasarali Sagare (මුව හසරැළි සාගරේ)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : උපාලි ධනවලවිතාන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
EP තැටිය (Exvee / RSG. 1001)  1968
කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් "දිලීප" වෙනුවෙන් නිර්මානය වූ ගීයකි.


මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියෙන් තොරතුරු විමසා
පිය වදනේ සළු වට දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ සොමි ගුණ මවලා
දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මධු රස සොයලා
සල් අරණක පවනැළි නිවලා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
ඔබ නළවන්නම්
මම ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Muwa Hasarali Sagare Song Lyrics - මුව හසරැළි සාගරේ ගීතයේ පද පෙළ Muwa Hasarali Sagare Song Lyrics - මුව හසරැළි සාගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment