මඤ්ඤොක්කා මුරුක්කු හදමු 😍😋😋 (Murukku)

මඤ්ඤොක්කා මුරුක්කු හදමු 😍😋😋 (Murukku) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තම්බපු මඤ්ඤොක්කා 200 g
  • හාල්පිටි 400 g
  • බටර් මේසහැදි 2 ( කාමර උෂ්නත්වයෙන් ගන්න )
  • සූදුරු ඇට මේසහැදි 2
  • ලුනුකුඩු මේසහැදි 3/4
  • මිරිස්කුඩු තේහැදි 1 ( මේ ප්‍රමානය සැර නැ. පාට සහ හොද රසක් එන්න දැම්මෙ)
  • බදින්න තෙල්

✅ සාදා ගන්නා ආකාරය :

  1. අවශ්‍ය තරම් වතුර දාලා මඤ්ඤොක්කා හොඳට තම්බගන්න. වතුර පෙරලා මඤ්ඤොක්කාවල රස්නෙ ගිහින් සීතල වෙන්න පැත්තකින් තියන්න.( තම්බලා ඉවරවුනාට පස්සෙ තම්බපු මඤ්ඤොක්කා බර 200 g ක් තියෙන්න ඕනෙ )
  2. තම්බපු මඤ්ඤොක්කා කෑලි ටික අතින් පොඩ්ඩක් පොඩිකරගන්න. දඩු කෑලි අයින්කරන්න.
  3. දැන් මඤ්ඤොක්කා ටික වතුර 120 ml ක් වගේ දාලා ග්‍රයින්ඩ් කරගන්න හොදට පේස්ට් එකක් වෙන්න.
  4. හොදට ග්‍රයින්ඩ් වුනාට පස්සෙත් තිත් තිත් වගේ ඇහැට නොපෙන මඤ්ඤොක්කා චූටි කෑලි පේස්ට් එකේ අතරින් පතර කීපයක් තිබුනට කමක් නැ. ගොඩක් නෙවෙයි නොදැනෙන තරම් හොදේ.
  5. දැන් එය භාජනයකට දාලා එයට හාල්පිටි , බටර් , සූදුරු , ලූනුකුඩු , මිරිස්කුඩු දාලා හොදට අනාගන්න. දැන් වතුර ටික ටික ඉහිමින් අනාගන්න සොෆ්ට් ඩෝ එකක් එනකං විතරක්. ඊට එහා අනන්න ඕන නෑ. පරිස්සමෙන් වතුර වැඩිකරගන් නැතුව අනාගන්න.
  6. දැන් මිශ්‍රණය වහලා තියන්න විනාඩි 5 , 10 ක් වගේ. ඒ අතරතුර තෙල් රත්කරගන්න. මිශ්‍රණයෙන් ටිකක් ඉදිආප්ප මිරිකන එකට දාලා ( මුරුක්කු හදන රවුමෙන් ) තෙල්ගාපු කෙසෙල් කොලේකට හෝ කැන්දකොලේකට හෝ ඉටි කොලේකට හෝ තෙල් ගාපු පුංචි පිගානකට මුලින්ම මිරිකගන්න. ඊටපස්සෙ තෙල් එකට පරිස්සමෙන් දාන්න. මුරුක්කුවල දෙපැත්තම බැදගන්න සාමාන්‍ය ගින්දරේ .. කැමති නම් මුරුක්කු රස්නෙ පිටම ලුනුකුඩු , මිරිස්කුඩු අතගාගන්න රසයි 😋
  7. මුරුක්කුවල රස්නෙ ගියාම හුලංනොවදින අසුරනයක දාලා හොදට වහලා තියාගෙන පස්සෙ කන්නත් පුළුවන් පෙගෙන් නෑ.
කුඤ්ඤර කුඤ්ඤර
මඤ්ඤොක්කා මුරුක්කු හදමු 😍😋😋 (Murukku) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මඤ්ඤොක්කා මුරුක්කු හදමු 😍😋😋 (Murukku) මඤ්ඤොක්කා මුරුක්කු හදමු 😍😋😋 (Murukku) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment