කිරි පිටි පුඩිම් හදමු (Milk Pudding) 🍚

කිරි පිටි පුඩිම් හදමු (Milk Pudding) 🍚 - Your Choice Way

කිරි පිටි හැඳි 4 න් රස ඩෙසර්ට් එකක් 🍚 👌

✅ අවශ්‍ය ද්‍රව්‍ය : 

  • පැලවත්ත කිරි පිටි මේස හැඳි 4
  • සීනි රස අනුව (සුදු සීනි ගන්න)
  • කෝන් පිටි මේස හැඳි 3
  • වතුර මිලි ලීටර් 500
  • ස්ටෝබෙරි රසැති ජෑම් මේස හැඳි 2
  • කෝපි තේ හැඳි 2 
  • හීනියට කපා ගත් පුහුල් දෝසි *
  • මුදරස් පලම් ස්වල්පයක් *
* අත්‍යාවශ්‍යතම නැත.

✅ සාදා ගන්නා ආකාරය :

  1. මේ ඩෙසර්ට් එක ඉක්මනින් හා පහසුවෙන් ඉතා අඩු පිරිවැයකින් හදා ගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියා ගන්න අර පිට රටවලින් ආනයනය කරන කිරි පිටි කියල හඳුන් වන වහ කුඩු නම් ගන්න එපා.මම ගත්තෙ පැලවත්ත කිරි. නැත්නම් හයිලන්ඩ් ගන්න. එහෙමත් නැත්නම් fresh milk 500ml ගන්න.මේ ඕනම ක්‍රමයක් හරි.
  2. ▪️ ඉස්සෙල්ලාම කිරිපිටි,කෝන් පිටි සහ සීනි එකතු කරල කිරි එක කැටි නොගැසෙන ලෙස හදා ගන්න. කෝන් පිටි හොඳට දිය වෙන්න ඕන. උණුසුම් වතුර ගන්න එපා.
  3. ▪️ ඊළඟට මේ කීරි එක සමාන කොටස් තුනකට වෙන් කර ගන්න.
  4. ▪️ ඩෙසර්ට් එක සෙට් වෙන්න දාන භාජනය බටර් ටිකක් ගාල පැත්තකින් තියෙන්න.
  5. ▪️ දැන් භාජනයක් ලිප තබා දිය කර ගත් කිරි එකෙන් එකක් එක් කරල කෝපි එකතු කරල හොඳින් නොනවත්වාම හැඳි ගාන්න.මේක අඩිය අල්ලනව.ඒ නිසා හැඳි ගාන්න.විනාඩි 5 ක් වගේ යද්දි මේක හොඳට ඝන වෙනවා.අන්න ඒ මට්ටමට ආවම ලිපෙන් බාන්න.ටිකක් නිවෙන්න තියල අපි බටර් ගාල හදා ගනිපු භාජනයට දා ගන්න.පොඩ්ඩක් නිවෙන්න තියල ශීතකරණයේ තියන්න විනාඩි 15 ක් වගේ.
  6. ▪️ පසුව කෝපි සහිත ලේයර් එකට උඩින් හීනියට කපා ගත් පුහුල් දෝසි ටික ඉසින්න
  7. ▪️ දැන් ඊළඟ කිරි මිශ්‍රණය ලිපේ තියල පෙර පරිදිම ඝන වෙනතුරු හැඳි ගාන්න.දැන් එම කොටසත් නිවෙන්න තියල කලින් හදපු ලේයර් එක උඩින් ඉතාම හෙමින් වක් කරල සෙට් වෙන්න විනාඩි 15 ක් ශීතකරණයේ තියන්න.
  8. ▪️ දැන් සුදු පාට ලේයර් එක උඩින් මුදරස් පලම් ටිකක් ඉසින්න.
  9. ▪️ අවසාන කිරි මිශ්‍රණයට ස්ටෝබෙරි ජෑම් ටිකක් එකතු කරල හොඳට දිය කරල ඒ ටිකත් ලිප තියා ඝන වෙනතුරු උයා ගන්න.පදම පැමිණි පසු ටිකක් නිවුණාට පසු සුදු පාට ලේයර් එක මතට ඉතාම හෙමින් වක් කරල පැය තුනක් පමණ ශීතකරණයේ තියන්න.
🔴 ලේයර් මතට අනිත් ලේයර් එකතු කරන විට උණුසුම් මට්ටමේ තිබියදී වක් කරන්න එපා. නිවුණට පසුව උවද එක පාර දමන්න එපා. හැන්දක පිටි පැත්ත යොදා වක්කරන්න.

🔴 මෙම මිශ්‍රණය අඩිය අල්ලනව. එම නිසා ලිපේ තියෙද්දි හොඳින් හැඳි ගාන්න.

🔴 කෝන් පිටි වෙනුවට ජෙලටීන් ගන්නත් පුළුවන්.ජෙලටීන් ඩබල් බොයිල් ක්‍රමයට එකතු කරන්න.

🔴 කැමති නම් කුඩා කුඩා ඩෙසර්ට් කප් වලට දා ගන්න උනත් පුළුවන්.

🔴🔴 හරිම රසයි මේ ඩෙසර්ට් එක.වස විස නෑ.ඒ වගේම ඉතාම අඩු වියදමක් යන්නෙ.මේ කියල තියන ප්‍රමාණ වලින් 6 දෙනෙකුට ඇති.

🔴 මේ පුඩින් එක අනිත් පැත්ත හරවලා ගන්න උනත් පුළුවන්.(Up side down style)

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කිරි පිටි පුඩිම් හදමු (Milk Pudding) 🍚 කිරි පිටි පුඩිම් හදමු (Milk Pudding) 🍚 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 10, 2021 Rating: 5

0 comments:

Post a Comment