Me Sinahawa Radeyi Kiya Song Lyrics - මේ සිනහව රැඳෙයි කියා ගීතයේ පද පෙළ

Me Sinahawa Radeyi Kiya Song Lyrics - මේ සිනහව රැඳෙයි කියා ගීතයේ පද පෙළ

Me Sinahawa Radeyi Kiya Song Lyrics - මේ සිනහව රැඳෙයි කියා ගීතයේ පද පෙළ
Song Title : Me Sinahawa Radeyi Kiya (මේ සිනහව රැඳෙයි කියා)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ //

දෑසේ පිපුණු සෙනෙහේ කැකුළූ
මට ඇඳුණා නොදැනිම සිතිලා
පාළුව දැනුණූ මොහොතේ ඇඳුණු
සේයාවයි ඔබෙ රුව මැවිලා

මා සිරවේවී
වල්මත් වේවී //
බිත්ති පුරා සිතුවම් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ

මා ළඟ ඉන්නයි මෝනාලිසා සේ
සංසාරේ තනිකම පළවා
මා සැනසෙන්නයි ඔබෙ රුව ඇන්දේ
කඩදහියක සිතුවම් ගලපා

බෑ මට හැමදා
ඉන්නට රැඳිලා //
හැම නෙතටම දසුනක් වීලා

මේ සිනහව රැඳෙයි කියා
තුන් කල් වෙහෙස දරා
තෙළි තුඩ නිම කළ ඔබෙ රූ
මා රුව ඇඳුණු මෙසේ
සිතිවිලි මැවෙනු කෙසේ
මේ සිරවුණු කරදහියේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sinahawa Radeyi Kiya Song Lyrics - මේ සිනහව රැඳෙයි කියා ගීතයේ පද පෙළ Me Sinahawa Radeyi Kiya Song Lyrics - මේ සිනහව රැඳෙයි කියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment