Mal Gomu Gumu Gumu Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද පෙළ

Mal Gomu Gumu Gumu Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද පෙළ

Mal Gomu Gumu Gumu Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද පෙළ
Song Title : Mal Gomu Gumu Gumu (මල් ගොමු ගුමු ගුමු)
ගායනය : සුනිල් සාන්ත සහ නාලිනී රණසිංහ
පද රචනය : කලාශූරී අරිසෙන් අහුබුදු
තනුව : සුනිල් සාන්ත


මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ජම්බු ගහට රත පොරවන්නී
බක් මී ගහ කහ අන්දන්නී
අඹ දළු ළා රත තවරන්නී
ලෝ කත විසිතුරු කැරැලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

එරබදු පැහැයෙන් දුලවන්නී
නා ගස් සුවඳින් බැඳැලන්නී
විලේ නෙළුම් මල් පොබයන්නී
නෙත ගිය ගිය අත පණවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

ගමේමැ පුහුලම් ඉදවන්නී
තුරුල් බවට වවුලන් ලන්නී
මෙතැන වවුලු පළවල් වෙන්නී
ගම් දරුවන් හට වැඩ වෙන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

මල්සර හට හී සපයන්නී
යොවුනන් සිත් ඉන් බැඳැලන්නී
දෙක දෙක එක් කැරැ ඈඳන්නී
නොමිලේ කපුකම් කරවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

වෙන්වූවන් සිත කළඹන්නී
පරණ තරහ හැම යට ලන්නී
ආයෙත් එකමුතු කරවන්නී
පවුල් අවුල් විසඳාලන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

“පරෙවිය” ඉඟිනළුව වෙනුවෙන් නිර්මානය වූ ගීයකි. මේ ගීයේ කොටසක් පමණක් ගෙන කළ ගැයුමක් පණ්ඩිත් අමරදේවයන් විසින් ගයා ඇත. එහි තනුව සුනිල් සාන්තයන්ගේ තනුවෙන් වෙනස්ය.

“පරෙවිය” ඉඟිනළුවේ වූ, එහෙත් ඉදිරිපත් කෙරුණු ගීයේ ගායනය නොවූ කොටසක්ද පද වැලට ඇතුළත් ය.

එය පහත අයුරිනි.

කොල්ලන් කෙල්ලන් බැඳලන්නී
මහලු සිතෙත් කෙළි රිසි ලන්නී
ගෙයි ගෙයි බක් වෙස් ගන්වන්නී
අවුරුදු කිරි බත උයවන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

දස දෙස සුවඳින් බැඳලන්නී
ගතට සිතට නව පණ දෙන්නී
කුඹුරට ආසිරි සලසන්නී
රට වටැ සොම්නස ගෙනැ යන්නී

මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී
මී වදවලැ පැණි පුරවන්නී
කුරුලු සරින් කන් පිනවන්නී
මුළු ලෝ උයනක් කරවන්නී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Gomu Gumu Gumu Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද පෙළ Mal Gomu Gumu Gumu Song Lyrics - මල් ගොමු ගුමු ගුමු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment