Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන (මුල් ගීය) ගීතයේ පද පෙළ

Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන (මුල් ගීය) ගීතයේ පද පෙළ

Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන (මුල් ගීය) ගීතයේ පද පෙළ
Song Title : Jaya Keli Bandana (ජය කේලි බන්දන (මුල් ගීය))
ගායනය : ආචාර්ය දයාරත්න රණතුංග සහ නාලිනී රණසිංහ
පද : සරත් විමලවීර
තනුව : ආචාර්ය දයාරත්න රණතුංග
ජීවන ගංගා චිත්‍රපටියෙන්
(චිත්‍රපටියේ ඇතුළත්වූ ගීය. මෙහි ශ්‍රවන ගුණය යහපත් නැත. බිඳ වැටීම් ද තිබේ. වඩා හොඳ තත්වයේ ගීයක් උත්පතනය කරන තෙක් මෙම ගීයෙන් සැනසෙන්න.)
සටහන -දයාරත්න රණතුංගයන් චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය ට පිවිසුණු ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වන්නේ ජීවන ගංගා චිත්‍රපටියයි.


ජය කේලි බන්දන
සිරි දේවි කැන්දන
නන්දන රූ සිරිනී
පොබයන //

අංජන නෙත් යුග
රන්මසු රන්දන
අනුරාගී මදහසිනී වොරඳන
අනුරාගී මදහසිනී වොරඳන
කවුරුද තී සොඳුරී
කිව මැන
කවුරුද තී සොඳුරී

රාජ රාජ රාවණ පරපුරෙනී
පැවතෙන ලංකා තලයේ ධරණී
යක් සේනාපතියන්ගේ දියණී
කුවේණි කුමරිය මම කපු කටිමී
කවුරුදු ඔබ රජුනී
කියනු මැන
කවුරුදු ඔබ රජුනී

පියරාජ අණසක
පි‍ටුපාල සපැමිණි
තඹවන් බිම සොයමී
නිවහන //

චංචල තොල් යුග
මින්දද රංගන
කල්‍යාණී මනනඳනී වරඟන
කල්‍යාණී මනනදනී වරඟන
දඹදිව සිට පැමිණී
විජයිඳු
මම වන්නෙමි මධුරී

ඈත ඈත නිල් වනපෙත් කමණී
රාජ ඉසුරු සලසයි රජතුමනී
යක් සේනා බල සුන්කරලමිනී
රාජ කිරුළ හිස පළඳිනු මැනවී
සඳකැන් හිරුට දෙමී
අඹර මිහිතලයට ‍රැගෙන එමී

දස රාජ දහමින
හෙළ දූව සුරකිනු
වනු මැන පිළිසරණා
කුමරිය //

රන්මිණි මන්දිර
දෙන්නෙමි දොර හැර
තී මාගේ අග‍රැජිනී මියුලැසි
තී මාගේ අග‍රැජිනී මියුලැසි
සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ

සරසමු රන්දීපේ
දද බැඳ
සරසමු රන්දීපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන (මුල් ගීය) ගීතයේ පද පෙළ Jaya Keli Bandana Song Lyrics - ජය කේලි බන්දන (මුල් ගීය) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 27, 2021 Rating: 5

0 comments:

Post a Comment