මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය (Maha Sona)

මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය (Maha Sona) - Your Choice Way

නරවෘකයන් හෙවත් werewolves ලා පිළිබඳ මුල්ම සඳහන් කිරීම් ඇත්තේ නැගෙනහිර යුරෝපීය ජනප්‍රවාද තුළය. ලයිකැන්ත්‍රොපි (Lycanthropy) ලෙස හඳුන්වන මෙය එක්තරා ආකාරයක බෝවෙන රෝගයකි. සරලව මෙහිදී සිදුවන්නේ පුද්ගලයෙක් කායිකව හා මානසිකව වෘකයෙකුගේ හෝ වෙනත් මාශ භක්ෂක වනසතෙකුගේ ස්වරූපයට පත්වීමයි. මෙහිදී වෘකයන් මූලික වන්නේ යුරෝපීය රටවල ජීවත්වන දරුණුම විලෝපිකයා වෘකයා නිසාය. තවද බොහෝ යුරෝපීයයන් වෘකයන් වෙත ස්වභාවයෙන්ම අධික භීතියක් දක්වන නිසාය.

නරවෘකයන් වර්ග දෙකකි. එනම් තම වෙනස්වීම (Transformation) පාලනය කළ හැකි අය සහ නොහැකි අය ලෙසයි. තම වෙනස්වීම පාලනය කළ හැකි අය බොහෝ විට සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වෙමින් ඉතා සූක්ෂ්මව තම ජීවිතය ගත කරයි. අධික ආවේගයකදී හෝ තමන්ට රිසි ලෙස අවශ්‍ය වූ විටක මොවුන්ට තම නරවෘක වේශය ලබාගත හැක. තම වෙනස්වීම පාලනය කළ නොහැකි අය මිනිස් සමාජයෙන් වෙන්ව හුදකලාව ජීවත් වේ. ඔවුන් වසරේ එක් එක් කාලපරිච්ඡේද වලදී නරවෘක වේශයට පත්වේ. එහිදී තම වෙනස්වීම ඉබේ සිදුවේ. එහිදී ඔවුන්ට ඇතැම්විට නරවෘක වේශයෙන්ම තම ජීවිත කාලය ගත කිරීමට සිදුවේ.

රිටිගල ජයසේනද අප රටේ විසූ තම වෙනස්වීම පාලනය කළ හැකි නර-වළසෙකි. තම හැකියාව පිළිබඳ උදම්වූ ඔහු අවසානයේදී ගෝඨයිම්බරට ද්වන්ධ සටනකට ආරාධනා කරයි. නමුත් සටනේදී තමා පරාදවන බව හැඟුනු ජයසේන නරවළස් වේශයට පත්වී ගෝඨයිම්බරව පරාද කිරීමට උත්සාහ කරයි. ජයසේන වෙනස්වනු දුටු ගෝඨයිම්බර ක්ෂණිකව එල්ල කළ පා පහරින් ජයසේනගේ වළස් හිස කඳින් වෙන්වී යයි. නමුත් පසුව ඔහුගේ හිස නැවත සවිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. ජයසේනගේ පරපුරෙන් පැවත එන නරවළසුන් අදටත් ලංකාවේ ජීවත්වන බව මහසෝනා අවතාර කතා සහ ජනප්‍රවාද වලින් පැහැදිළි වේ.

වෘකමානත්වය ශරීර ගතවූ පසු එම පුද්ගලයා පෘථිවිය මත ඇති සියලු රෝගවලට ප්‍රතිරෝධයක් දක්වයි. නරවෘකයන් තුළ පවතින immortality බවට හේතුව මෙය වේ. තවද අධික රතු රුධිරාණු ඝනත්වය, පටක ප්‍රතිස්ථාපනය මොවුන්ගේ ශරීර තුළ පවතින අපූර්වත්වයන් වේ. අධික ධාවන වේගය, අධික කායික ශක්තිය, තියුණු ඉව, පෙනීම සහ ශ්‍රවණය මොවුන්ට ලැබෙන විශේෂ හැකියාවන් වේ. මේ හැකියාවන් මොවුන් මනුෂ්‍ය වේශයෙන් සිටින විටද භාවිතාවට ගතහැක.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය (Maha Sona) මහසෝනා තුළින් කියවෙන අපේ නරවෘක ඉතිහාසය (Maha Sona) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 01, 2021 Rating: 5

0 comments:

Post a Comment