කුඹුරු (Kuburu - Caesalpinia Bonduc)

කුඹුරු (Kuburu - Caesalpinia Bonduc) - Your Choice Way

🌿 කුඹුරු යන්න කුවේර (කුබෙර) යන්නෙන් බිඳුණක් බවත් කුවේර යන්නෙහි සම්පූර්ණ නම කුවේරාක්ෂි බවත් යක්ෂාගෙ ඇස යන්න එයින් පැනෙන බවත් පොතපතෙහි සඳහන්. ඒ අනුව සුදු පැහැති වටකුරු කුඹුරු ඇට යක්ෂයාගෙ ඇසට සමාන කර දක්වා ඇත.

🌿 කුඹුරු සිලින්ඩරාකාර කඳක් සහිත කාෂ්ඨීය වැලකි.

🌿 නිවර්තන කලාපීය මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව සුලබව හමු වෙයි.

🌿 බූව සහිත කඳෙහි කෙටි හා දිගු කටු රැසකි. විශාල ද්වී පක්ෂවත් සංයුක්ත පත්‍ර එකාන්තරව පිහිටයි.

🌿 පත්‍රිකා ඕවලාකාර හෝ ආයත ඕවලාකාර හැඩයක් ගනී.

🌿 පුෂ්ප මංජරිය දිග නටුවක් සහිත පිරමිඩාකාර ඒකාක්ෂයකි. පෙති 5ක් සහිත මල තද කහ පැහැතිය.

🌿 ඵලය කෙටි නටුවක් සහිත පැලෙන කරලකි.

🌿 ඵලාවරණය තියුණු කටුවලින් වැසී පවතී. එක් කරලක් තුල සුදු පැහැයට හුරු අළු පැහැයක් ගන්නා බීජ 1-3 අතර සංඛාවක් පිහිටා ඇත.

🌿 කුඹුරු Fabaceae උද්භිද කුලයට අයත් වැල් ශාකයකි.

🌿 අක්මා රෝග, ප්ලීහා රෝග, උදරාබාධ, පණු රෝග, කුසගිනි මදිකම, කුෂ්ඨ, උපදංශ, ඇදුම, ඉඳිමුම්, උණ, මුත්‍රඅඩස්සිය, අජීර්ණ, මුඛ රෝග, කර්ණ රෝග, බරවා ආදී රෝග රැසකට ප්‍රතිකාර කිරීමේදී කුඹුරු වැලේ කොළ, දලු, මුල්, ඇට ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතයට ගනී.

🌿 කුඹුරු පණුවන් නසන, කුසගිනි වඩවන, රුධිරය පිරිසිදු කරන, මුත්‍රකාරක, කුෂ්ඨ නසන ආදී ගුණයන් රැසක් සහිතයි. පෙරදිග වෛද්‍ය ක්‍රමවල ඇතුලත් චූර්ණ, ක්වාත, තෛල, ලේපන වර්ග රැසක කුඹුරු ඇතුලත්ව ඇත.

🌿 උදර වේදනාවට සහ වමනයට කුඹුරු ඇට මදයක භාගයක් සහ කරාබු නැටි දෙක තුනක් ඇල් දියෙන් අඹරා දෙයි.

🌿 අජීර්ණයට කුඹුරු ඇට මදය පෙරුම්කායම් සමඟ යොදයි. ක්ෂය රෝගයට සහ ඇදුමට කුඹුරු ඇට කෂායත් බරවා රෝගයට කුඹුරු කොල යුෂත් බොන්නට දෙයි.

🌿 ඉදිමුම් සඳහා කුඹුරු අැට මද එඬරු තෙලෙන් අඹරා ආලේප කරයි.

🌿 පණු රෝගවලට කුඹුරු ඇට මද, ඉඟුරු, සුදුළූණු, වලඟසාල්, සුනු වත්කර බීම හෝ කෂාය ලෙස යෙදීම බහුලව භාවිතා කරන ප්‍රතිකාරයකි.

🌿 කුඹුරු දලු, දෙහි දලු කොටා උණු අළු පල්ලේ තම්බා යුෂ මිරිකා බීම ද, යක්ෂාක්ෂ්‍යාදී ක්වාතය දීම ද පණු රෝග සඳහා ගුණය.

🌿 කණෙන් ස්‍රාව ගැලීම, ආමවාතය, සන්ධි ඉදිමුම් ආදියට කුඹුරු ඇට මදවලින් නිස්සාරනය කර ගන්නා තෙල් ආලේප කිරීම ප්‍රතිඵලදායක ය.

🌿 මුඛ රෝග සඳහා කුඹුරු ඇට මද සහ කරුංකා පුවක් පුලුස්සා, සීනක්කාරම් ද සමඟ සියුම්ව අඹරා දත් මැදීමට භාවිතා කරයි. මහ දලු අනුපානයට කුඹුරු දලු අතුලත් ය. 

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සේයා රූ අන්තර්ජාලයෙන්

කුඹුරු (Kuburu - Caesalpinia Bonduc) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුඹුරු (Kuburu - Caesalpinia Bonduc) කුඹුරු (Kuburu - Caesalpinia Bonduc) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2022 Rating: 5

0 comments:

Post a Comment