කටරොළු [Katarolu] (Clitoria Ternatea)

කටරොළු [Katarolu] (Clitoria Ternatea) - Your Choice Way
🌿 කටරොළු ආධාරක ශාකයක් මත එතෙමින් ඉහලට වර්නධය වන බහු වාර්ෂික වැල් ශාකයකි. 

🌿 කොළ පැහැති කඳෙහි සියුම් බූවක් දැකගත හැකිය. 

🌿 අසම පක්ෂවත් සංයුක්ත පත්‍ර ඒකාන්තරව පිහිටයි. පත්‍රයක් දිගින් සෙ.මි. 3.7-5 පමණ දිගුවන අතර පත්‍රයක පත්‍රිකා 5-7 පමණ පිහිටා තිබේ. 

🌿 ද්වීලිංගික මල් තනි තනිව පිහිටයි. නිල් පැහැති සහ සුදු පැහැති ලෙස මල් හට ගන්නා ප්‍රභේද දෙකක් ඇති අතර සුදු මල් හට ගන්නා ප්‍රභේදය එළ කටරොළු යනුවෙන් හඳුන්වයි. 

🌿 ඵලය සෙ.මි. 10 පමණ දිග කරලකි. එක් කරලක් තුල බීජ 10-12 පමණ පිහිටා තිබේ. 

🌿 කටරොළු Fabaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

🌿 මුත්‍ර ගල්, මුත්‍ර අඩස්සිය, ආසාත්මිකතා , වණ, ඉදිමුම්, උන්මාද, පිස්සු බලු විෂ, ස්ත්‍රී පුර්ෂ වඳභාවය, අර්ශස්, කල්ගතවූ වකුගඩු රෝග ආදියට ප්‍රතිකාර කිරීමට කටරොළු වැලෙහි කොළ, මුල්, මල්, ඇට ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. 

🌿 කටරොළු කුෂ්ඨ හා ඉදිමුම් නසන, කුසගිනි වඩවන, වණ ශෝධනය කරන, විෂ නසන, මතකය වඩවන ගුණ සහිතයි.

🌿 වණ ශෝධනයට සහ සමේ රෝග නැසීමට කටරොළු සම්පූර්ණ ශාකයම අමුකහ සමඟ තම්බා සේදීම සිදු කරයි.

🌿 පරිනාම ශූලයට නිල් කටරොළු මුල් චූර්ණය සීනි සහ එළඟිතෙල් හෝ මී පැණි සමඟ දෙයි. 

🌿 ළදරුවන්ගේ උණ සහ ප්‍රතිශ්‍යාවට පත්‍ර ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. 

🌿 ආසාත්මිකතාවයට හෝ දළඹුවන් ගෑවීම නිසා සමෙහි ඇති වන පළුවලට පත්‍ර සවරසය ආලේප කරයි. 

🌿 මුත්‍ර අඩස්සියට මුල් කෂාය සීනි සමඟ බීමට දෙයි. 

🌿 විවිධ වාත රෝග සඳහා මුල් ක්වාතය යොදයි. 

🌿 කණේ වෙදනා සහ ඉදිමුම් සඳහා කටරොළු කොළ යුෂ ලුණු සමඟ රත්කර පිටතින් ආලේප කරයි. 

🌿 ඉදිමුම් අවස්ථාවලදී කටරොළු පංචාග චූර්ණය උණු දියෙන් පා නය කිරීම යොග්‍යය. පිස්සු බලු විෂට එළ කටරොළු, ඇහැළ පොතු රුක් අඟුණ, දියමිත්ත යනාදිය කෂාය කර බොන්නට දෙයි.

🌿 අර්ශස් රෝ ගය සඳහා සම්පූර්ණ කටරොළු ශාකයම ගලේ අඹරා තලපයක් සේ සාදා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් සුව ලැබෙයි. කටරොළු ශිරෝ විරේචන ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන අතර තද හිසේ කැක්කුමකදී කටරොළු කොළ කිහිපයක් තලා යුෂ බින්දු දෙකක් ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් ක්ෂණික සුවයක් ලබන්න පුළුවන්. 

🌿 ගලගණ්ඩය රෝගයට එළ කටරොළු මල් ස්වල්පයකට වතුර පත හතරක් දමා එකට සිඳුවා පෙරා බොන්න. 

🌿 ගලගණ්ඩ රෝගයට එළ කටරොළු මල් කෂාය දෛනිකව බීමත් ඉතාම ගුණයි. ගර්භාෂ රෝගවලදී, ආර්තව වේදනාවලදී නිල් කටරොළු මල් කෂාය පානය කරන්න. 

🌿 කටරොළු ශාකයේ මුල් පිරිසුදු කර හොඳින් ගලේ අඹරා ඒ ද්‍රාවණය සුදු කබර මත ආලේප කළොත් සුදු කබර රෝගයෙන් මිදෙන්නත් පුළුවන්.

🌿 නිල් කටරොළු වියළි මුල්, පොතු හොඳින් අඹරා තලපයක් ලෙස සාදා මී පැ ණි සහ ගිතෙල් සමඟ ආහාරයට ගැනීමෙන් ආමාශගත රෝගවලින් මිදිය හැකි වේ. 

🌿 උගුරේ ආසාදනවලදී කටරොළු පත්‍ර අඹරා උගුරේ ආලේප කළ යුතුය. 

🌿 කටරොළු පංචාංගයම කෂාය කර පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, මුත්‍රා අඩස්සි යන සෑම මුත්‍රා රෝගයකටම ගුණදායක ය. 

🌿 කටරොළු හොඳ වේදනා නාශක ඖෂධයක්. ඒ නිසාම දත් කැක්කුමකදී කටරොළු මුල් ස්වල්පයක් ගම්මිරිස් ඇටයක් සමඟ අඹරා වේදනා සහිත දතේ තබා සිටීමෙක් දත් කැක්කුම සමනය වෙයි. 

🌿 අසීමිත ලෙස දහදිය දමන අවස්ථාවකදී කටරොළු කොළ, අමු ඉඟුරු සමව ගෙන අඹරා කල්කයක් මෙන් සාදා ආහාරයට ගැනීමෙ න් දහදිය දැමීම සාමාන්‍ය පරිදි සිදුවේ. 

🌿 ශරීරයට යම් විෂක් ඇතුළුවූ විට කටරොළු මුල් දෙහි ඇඹුලින් අඹරා ඒ යුෂ පානය කිරීමෙන් විෂ තත්ත්වය ඉක්මනින් නාශනය වේ. 

🌿 කටරොළු කොළ හොඳින් අඹරා කල්කයක් සාදාගෙන ඉදිමුම්, හන්දි වේදනා, විස ශරීර ගත වූ තැන ආලේප කිරීමෙන් එම අපහසුතාවයන්ගෙන් සහනය ලැබිය හැකිය. 

🌿 මෙවන් ඖෂධීය වටිනාකම් රැසක් සහිත කටරොළු වැලක් ගෙමිදුලෙහි වවා ගැනීමට අමතක නොකළ යුතුය.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගේ ලිපියක් ඇසුරින්
කටරොළු [Katarolu] (Clitoria Ternatea) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කටරොළු [Katarolu] (Clitoria Ternatea) කටරොළු [Katarolu] (Clitoria Ternatea) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 02, 2021 Rating: 5

0 comments:

Post a Comment