කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus Moschatus)

කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus Moschatus) - Your Choice Way

🌿 කපුකිනිස්ස, බණ්ඩක්කා ශාකයට බෙහෙවින් සමාන මීටර් 1.5 පමණ උසට සෘජු කඳක් සහිතව වැඩෙන කුඩා වාර්ෂික ශාකයකි.

🌿 කඳ පුරා දිගු රෝම දක්නට ලැබේ. දිගු නටුවක් සහිත සරල පත්‍ර ඒකාන්තරව පිහිටයි.

🌿 කණ්ඩිකා 3-5 බෙදුනු පත්‍රවල දාරය දන්තූර කරපත්‍රික ය. අණ්ඩාභ-හෘදයාකාර හෝ පානිවත් හැඩයෙන් යුත් පත්‍රවල දෙපසම බූව පිහිටයි.

🌿 තනි තනිව හට ගන්නා ද්වීලිංගික පුෂ්ප දීප්තිමත් කහ පැහැයක් ගන්නා අතර මැද දම් පැහැති ය.

🌿 ඵලය දාර දිගේ පැලෙන ස්ඵෝටිකාවකි. ඵලයක් තුල වකුගඩු හැ ඩැති බීජ රැසක් තිබේ. කපුකිනිස Malvaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

🌿 වියළි කපුකිනිස්ස ඇට පොඩි කළවිට කස්තුරි සුවඳට සමාන සුවඳක් වහනය වන හෙයින් ලතා කස්තුරි ලෙසද හඳුන්වා ඇත.

🌿 මෙම ඇට දේශීය වෙදකමේදී වටිනා ඖෂධයක් ලෙස සැලකේ. මුඛ රෝග, කුසගිනි මදිකම,අජීර්ණ, ආහාර අරුචිය, අතීසාර, හෘද දුර්වලතාවයන්, කැස්ස, ඇදුම, අපතතන්ත්‍රක, මුත්‍රඅඩස්සිය, ලිංගික අප්‍රාණිකත්වය, සර්ප විෂ ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රධාන වශයෙන් කපුකිනිස්ස ඇටත් අවශේෂව මුල් හා කොළත් භාවිතා කරයි. කපුකිනිස්ස ආහාර රුචිය ඇතිකරවන, කුසගිනි වඩවන, මලමාර්ගය පිරිසිදු කරන, හෘදය උත්තේජනය කරන, මුත්‍රකාරක ආදී ගුණයන් රැසක් සහිතයි. කපුකිනිස ඇට සැපීමෙන් මුඛ දුර්ගන්ධය පහව යයි. සර්ප විෂට ඇට මධ්‍යසාරයෙන් අඹරා දෂ්ඨ ස්ථානයේ ආලේප කරයි.

🌿 කපුකිනිස්ස ඇට විකා ගිලීමෙන් හෝ කුඩුකර කෝපි මෙන් පානය කිරීමෙන් අහාර අරුචිය නැතිව යයි.

🌿 අක්ෂි රෝග සඳහා හොඳින් පිරිසිදුව සකසා ගත් ඇට චූර්ණය ආලේප කරයි. 

🌿 දශමූලාරිෂ්ටය නිපදවීමේදී කපුකිස්ස ඇට ප්‍රක්ෂේප ද්‍රව්‍යයක් ලෙස යොදා ගනී. 

🌿 ළපටි කපුනිස්ස කරල බණ්ඩක්කා මෙහි පිස ආහාරයට ගත හැකිය.

🌿 ඇට පස්ඵලවතින් යුතු බුලත් විටට ගන්නා සුගන්ධ ද්‍රව්‍යවලින් එකකි. එමෙන්ම ආහාර සහ විලවුන් කර්මාන්තයේදී සුගන්ධ දුව්‍යයක් ලෙස භාවිතා කරයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය
කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus Moschatus) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus Moschatus) කපුකිනිස්ස [Kapukinissa] (Abelmoschus Moschatus) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 28, 2021 Rating: 5

0 comments:

Post a Comment