කළුවාල / කළුවා අල (Kaluwala / Kaluwa Ala - Alpinia Galanga)

කළුවාල  කළුවා අල (Kaluwala  Kaluwa Ala - Alpinia Galanga) - Your Choice Way

🌿 කළුවාඅල ඉන්දියාව, ජාවා, මලයා, ශ්‍රි ලංකාව හා කාම්බෝජය යන රටවල ස්වභාවිකව වැවේ. 

🌿 මඳ දියසීරාව සහිත ප්‍රදේශවල අඩි 3 -7 දක්වා උසට වැඩේ. පත්‍ර ඉඟුරු කොළ වැනිය.

🌿 ළා කොළ පාටට හුරු සුදු පැහැති මල් සංයුක්ත ඒකාක්ෂයක පොකුරු වශයෙන් පිපේ. 

🌿 කළුවාල පැළැටියට ඇත්තේ එකම බහුවාර්ෂික රයිසෝමයකි.

🌿 එය කටුක තිත්ත රසින් යුක්තය. කළුවාල ශාක අල යුෂයෙහි 48% ක් මීතයිල් සිනමේට් ද 20 - 30% සිනියෝල් ද කපුරු හා ඩී - පයිනින් සංයෝග ද ඇත. 

🌿 මෙම කොළවලින් වාෂ්පශීලී තෙලක් සිඳිනු ලැබේ. 

🌿 චීනයෙන් සහ ඉන්දියාවෙන් මෙරටට කළුවාල යුෂ ආනයනය කෙරේ.

🌿 මෙම ශාකය තරමක් මතභේදාත්මක වන අතර Zingiberaceae හෙවත් ඉඟුරු කුලයට ශාක කීපයක්ම කළුවා අල ලෙස හඳුන්වන අතර උද්භිද විද්‍යා මූලාශ්‍රවල සහ වෙදකමට සම්බන්ධ ඇතැම් මූලාශ්‍රවල දක්වා ඇත්තේ Alpinia galanga හෙවත් මහ අරත්ත ශාකයයි.

ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත ග්‍රන්ථවල කළුවාල හැඳින්වෙන්නේ “අරුණ“ “ගන්ධමූල“ “රක්තරේණු“ හා “සුගන්ධ“ යන නම්වලිනි. 

🌿 කළුවාල අල සර්ප විෂනාශක ඔසුවකි. 

🌿 ඌෂ්ණ වීර්ය ඇත්තේය. වා, සෙම්, විෂ, කුෂ්ට, දද, අළුහම් හා අන්‍ය චර්ම රෝග නසයි. විවිධ සර්පයන් දෂ්ට කළ විට ප්‍රතිකාර වශයෙන් යොදන ඔසු බොහෝවකට කළුවාල අල යුෂ ගනු ලැබේ.

🌿 එය ගරුඬ රාජ තෛලය හා විෂ කපාල ගුලිය යන විෂ නසන ඖෂධ තැනීමට ගන්නා ප්‍රධාන ද්‍රව්‍ය කි. 

🌿 ඉන්දියානු වෛද්‍යවරු කළුවාල අල ආම අජීර්ණය, ශ්වසනාළ ප්‍රදාහය, පීනස හා හීනවූ පුරුෂ ශක්තිය ආදියට ප්‍රතිකාර වශයෙන් යොදති.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කළුවාල / කළුවා අල (Kaluwala / Kaluwa Ala - Alpinia Galanga) කළුවාල / කළුවා අල (Kaluwala / Kaluwa Ala - Alpinia Galanga) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 04, 2021 Rating: 5

0 comments:

Post a Comment