🌿 මෙය කුළුබඩුවක් හා වර්ණකයක් ලෙස ද යො දා ගැනේ.
🌿 අඟල් 18ක පමණ සාමාන්‍ය උසක් ඇති කහ ශාකයේ පත්‍ර අඟල් 10ක් පමණ දිගු වන අතර අඟල් 4ක් පමණ පළල් ය. එය සිනිඳු ය, උල් ය, ආයත ය, කොළ නටුව කොළ තලය තරමට ම දිග ය.
🌿 ශුකිවල මල් හටගනී. ශුකිය අඟල් 6ක් පමණ දිගැතිය. ශුකියේ නටුව පත්‍ර කොපුවෙන් වැසී ඇත. ළා කහ පැහැති මල් ද්වීලිංගික ය. ඵලය ස්ඵෝටිකාවකි.
🌿 දකුණු ආසියාව නිජභූමිය කොට ගත් මේ ශාකය ඉන්දියාවේ, ලංකාවේ සහ ආසියාවේ වෙනත් නිවර්තන ප්‍රදේශ වල වානිජ බෝගයක් වගා කරනු ලැබේ.
🌿 කහ ශාකය Zingiberaceae කුලයට අයත් ය.
🌿 ආදී කාලයේ සිට කහ ඖෂධයක්, කුළුබඩුවක් හා සායමක් ලෙස භාවිත වී ඇත. වියලි කහ මෙන්ම අමු කහද එසේ යොදා ගෙන තිබේ.
🌿 අන් කිසි ශාකයකින් සපුරා නොලැබෙන ගුණයක් කහවලින් ලැබේ. එනම් විෂබීජ නැසීමේ ශක්තියයි.
🌿 කහ දියර අනාදිමත් කාලයක සිට එසේ භාවිත වී ඇත.
🌿 කහ ප්‍රභේද කීපයකි. ඒ ප්‍රභේද වලට නිජ බිම් මුල් වී ඇත. මදුරාසි කහ, බෙංගා ලි කහ, කොචින් කහ, ජාවා කහ සහ චීන කහ එම ප්‍රභේදයි.
🌿 කහ කැබැල්ලක් කැඩූ විට පෙනෙනෙන කහ පැහැය ඇති වන්නේ එහි ඇති කුර්කුමින් නම් රසායන ද්‍රව්‍ය නිසා ය.
ඖෂධීය වටිනාකම
🌿 සංස්කෘත වෛද්‍ය ග්‍රන්ථ වල කහ හැඳින්වෙන්නේ හරිද්‍රා, රජනී, පිතා හා වරා යන නම්වලිනි.
🌿 ඒවායේ හරිද්‍රා,කර්පුරහරිද්‍රා, ආමුගන්ධහරිද්‍රා හා වනහරිද්‍රා යයි ප්‍රභේද හතරක් දැක් වේ. හරිද්‍රා තිත්ත ය, රළුය, ඌෂ්ණ ය. විෂ, කුෂ්ට, වාත, ශ්ලේෂ්මල, රුධිර දෝෂ, ඉදිමුම්, පාණ්ඩු, පීනස, ආහාර අප්‍රිය වීම, වණ හා කෘමි රෝග නසයි.
🌿 දේහ වර්ණය ගෙන දෙයි.
🌿 වනහරිද්‍රා කුෂ්ට, වාත හා රුධිර දෝෂ නසයි. ආමුගන්ධහරිද්‍රා සිසිල්ය, වාතය වඩයි, පිත නසයි.
🌿 මධුර තිත්ත රසයෙන් යුක්ත ය.
🌿 ප්‍රමේහ, කුෂ්ට, මුත්‍රල පද්ධතියේ ගල් ආදී රෝග වලට ප්‍රතිකාර කිරීමේ දී වෙනත් ඖෂධ සමග කහ යොදනු ලැබේ.
🌿 විෂ නාශකයක් ලෙස පෙරදිග වැ සියන් නූතනයේ දීත් කහ භාවිත කරයි.
ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි.සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
0 comments:
Post a Comment